දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘තරංගව‘ කපන අදිසි හස්තය කාගේද?
Homeදේශපාලන

‘තරංගව‘ කපන අදිසි හස්තය කාගේද?

PropellerAds

1985 පෙබරවාරි 02දා උපන් වරුෂාවිතාන උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් 2005 අගොස්තු 02දා ප්‍රථම වරට එක්දින වරම් හිමි කරගන්නේ ශ්‍රී ලංකාවේ මීලග ...

නූතන ජාතික-රාජ්‍යය: දිගනින් ප‍්‍රහාරයක් - අමීන් ඉසඞීන්
මහනුවර පාසල් හෙට සිට විවෘත වේ
සිංහල-මුස්ලිම් ගැටුම ගැන පුනරුදය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනය

1985 පෙබරවාරි 02දා උපන් වරුෂාවිතාන උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් 2005 අගොස්තු 02දා ප්‍රථම වරට එක්දින වරම් හිමි කරගන්නේ ශ්‍රී ලංකාවේ මීලග සුපිරි පිතිකරුවා වීමේ බලාපොරොත්තුව සමගිනි.වයස 20 සපිරෙනවාත් සමග ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරම් ඔහුට වාසනාව ලැබෙන්නේ ශ්‍රී ලංකා 15 පහළ 17න් පහළ 19 පහළ කණ්ඩායම් වල ඔහු දැක්වූ සුවිශේෂි දක්ෂතා මතය.

මේ වන විට තරඟ 187කට ක්‍රීඩාකර පිතිකරු සාමාන්‍ය 33ද සහිතව ලකුණු 5511 ලබාගෙන සිටින මෙම සුවිශේෂි වමත් පිතිකරුවාගේ ලකුණු ගොන්නට ශතක 13 හා අර්ධ ශතක 29ක් අන්තර්ගතය.මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් තරංගගේ ශතක ගණන දෙවනි වන්නේ තිලකරත්න ඩිල්ෂාන්ට පමණි.

තමා මුහුණ දෙන පස්වන තරඟයේදී බංගලාදේශයට එරෙහිව සිය ප්‍රථම ශතකය ලබාගන්නා මෙම ක්‍රීඩකයා පිලිබඳ ලොව බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ 2006 වසරේ එංගලන්තයේදී පැවැති නැට්වෙස්ට් කුසලාන එක්දින තරඟාවලියේදීය.තරඟ 5කින් සමන්විත වූ මෙම තරඟාවලියේ ශතක දෙකක් හා අර්ධ ශතකයක් සමගින් ඔහු දැක්වූ දස්කම් නිසාම ප්‍රථම වරට එංගලන්තයේදී තරඟ 5 – 0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වනවාය.

එමෙන්ම් සනත් ජයසූරිය හා එක්ව පළමු කඩුල්ලට වාර්තාගත ලකුණු 282 සම්බන්ධතාවක් පැවැත්වීමටත් මෙම සුවිශේෂි වමත් පිතිකරුවා දායක වන අතර තරංග මේ වන විට 7 වරක් ලකුණු 200 සම්බන්ධතා සඳහා දායක වී ඇති අතර එවන් දස්කමක් ලෝ පළමු වැන්නා උපුල් තරංගය.

මෙතැන් පටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු භූමිකාව සාර්ථක ලෙස පණ පොවන මෙම වමත් පිතිකරුවා 2007 වසරේ මෙන්ම 2011 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් තරඟය පිවිසිම දක්වා ලබාදෙන්නේ මහගු දායකත්වකි..2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලියේදී තරඟ 9කට මුහුණ දෙන උපුල් තරංග ලකුණු 395ක් ලබාගන්නේ ශතක දෙකක් සහ එක් අර්ධ ශතකයක්ද සමගින්.මෙම තරඟාවලියේ ඔහුගේ පිතිකරු සමාන්‍ය දැක්වුනේ 56.42 ලෙසය.

සිය අසාර්ථකය පිතිකරණය සමගින් තරංගට එක්දින පිලේ සිය ස්ථානය අහිමි වන්නේ 2012 වසරේදීය.ඉන්පසුව මේ වනතෙක් විටින් විට කණ්ඩායමට එක් වුවත් කණ්ඩායමේ හරි හැටි ස්ථානයක් දිනා ගැනීමට ඔහු අසමත් වනවාය.නමුත් ගැටලුව එය නොවේ.දේශිය තරඟ බිමේ විශිෂ්ඨ දස්කම් දක්වද්දි, තරඟ විශාල සංඛ්‍යාවක් අසාර්ථක වූ අනාගත සංගක්කාරලා අනාගත මහේලලා අනාගත ජයසූරියලා යැයි කියන ක්‍රීඩකයන්ට දිගින් දිගටම කණ්ඩායමේ ස්ථාන හිමිවද්දි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීමට අති මහත් කාර්යය භාර්යක් ඉටුකළ මෙම ක්‍රීඩකයාට ප්‍රමාණවත් අවස්ථා හිමි නොවන්නේ ඇයිද යන්නයි.

කාලයකට පසුව පසුගිය එංගලන්ත/අයර්ලන්ත තරඟාවලියට උපුල් තරංගව නම් කොට තිබුණි.ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලි බොහෝ දෙනා සිතුවේ මින් පෙර එංගලන්තයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස විශිෂ්ඨ දස්කම් දක්වා ඇති තරංගට ආරම්භක පිතිකරු ස්ථානය හිමිවනු ඇති බවයි.නමුත් බොහෝ දෙනා මවිතයට පත් කරමින් අයර්ලන්තය හා පැවති එක්දින තරඟ දෙකේදී ඔහුට ක්‍රීඩා කරන්නට ලැබුනේ නොම්මර 8 හා 9 ස්ථානය වලය.ඉන්පසුව පැවති එංගලන්ත තරඟවලියේ හෝ ඔහුට ආරම්භක පිතිකරු ස්ථානය හිමිවනු ඇතැයි සිතුවත් ඔහුට එහිදීද ලැබෙන්නේ නොම්මර 7 ස්ථානය.නමුත් තමාට ලැබූ අවස්ථාවෙන් කණ්ඩායමට උපරිම සේවයක් ඉටුකළ මෙම ක්‍රීඩකයා එහිදී එක් තරඟයකදී අර්ධ ශතකයක්ද තවත් තරඟයකදී ලකුණු 40ක්ද ලබාගන්නේ පන්දුවට පහරදීමේ වේගය 100ද ඉක්මවා තබාගනිමිනි.

එංගලන්තයේදී තරංග දැක්වූ දස්කම් මත බොහෝ දෙනා සිතුවේ ඔස්ට්‍රේලියානු තරඟාවලියට ඔහු නම් කරනු ඇති කියාය.නමුත් බොහෝ දෙනාගේ බලාපොරාත්තු සුන් කරමින් එය එසේ වූයේ නැත.තරඟ විශාල සංඛ්‍යාවක් අසාර්ථක වූ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙද්දි තරංගට එවන් අවස්ථාවක් නොලැබෙන්නේ ඇයි?මේ වන විට ආරම්භ පිතිකරු වන කුසල් ජනිත් පෙරේරා පසුගිය තරග 6දී ලබාගෙන ඇත්තේ ලකුණු 78ක් පමණි.මේ වන විට තරඟ 59 ක්‍රිඩා කර ඇති කුසල් ජනිත් පෙරේරා පිතිකරු සමාන්‍ය 27.85 සමගින් ලබාගෙන ඇත්තේ ලකුණු 1643ක් පමණි.මෙය උපුල් තරංගටත් වඩා අසාර්ථක තත්වයකි.තත්වය මෙසේ තිබියදීත් තරංගට දිගින් දිගටම අවස්ථාව නොලැබෙන්නේ ඇයි ? තරංගට අවස්ථාවක් නොදීම පිටුපස අදිසි හස්තයක් තිබෙනවාද යන්න බොහෝ දෙනා විමසන කරුණකි.

දැනට කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට ඔන්න මෙන්න සිටින ක්‍රීඩකයෙකු සමග තරංගට පෞද්ගලික ගැටලුවක් තිබූ බවත් ඒ නිසාම තරංගට විවිධ කැපිලි කෙටිලි වලට මුහුණ දීමට සිදුවූ බවත් ප්‍රසිද්ධ රහසකි.නමුත් මේ වන විට ජ්‍යෙෂ්ඨ යැයි කියන තවත් ක්‍රීඩකයෙකු තරංගව කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට අකමැත්තක් දක්වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.දැනට කණ්ඩායමේ දෙවන ජ්‍යෙෂ්ඨයා ලෙස සිටින මොහු තරංග කණ්ඩායමට පැමිණියහොත් එම ජ්‍යෙෂ්ඨත්වය අහිමිවන නිසා මොහුගේ කැපිලි කෙටිලි වලට මුහුණ දීමට තරංගට සිදුව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.පසුගිය එංගලන්ත තරඟාවලියේදීත් තරංගට ආරම්භක පිතිකරු ස්ථානය නොදී නොම්මර 7ට යවා අසාර්ථක වූ පසු කණ්ඩායමෙන් ඉවත් කිරීමේ සැළසුමක් මොහුට තිබූ බවද පැවසේ.දක්ෂතාවයත් වඩා තමාගේ පාසලේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන මෙම ජ්‍යෙෂ්ඨයා ටෙස්ට් ආරම්භක පිතිකරු යුවළ අසාර්ථක වද්දිවත් එතැනට හෝ තරංගව ආදේශ කර නොබලන්නේ තරංග කණ්ඩායමට එක් කර ගැනීමට ඇති අකමැත්තත් තම පාසලේ සගයන්ට අවස්ථාවේ දීම අරමුණ ඇතිව බවත් ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨත්වය හෝ වෙනයම් කරුණු පාදක කරගෙන එක් එක් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට ඉඩ ලබා නොදී මෙවැනි දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට සාධාරණය ඉටුකරලීම බළධාරීන්ගේ වගකීම බව තිරය පිටුපස සිටින ක්‍රිකට් ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘තරංගව‘ කපන අදිසි හස්තය කාගේද?
‘තරංගව‘ කපන අදිසි හස්තය කාගේද?
http://ift.tt/2c1xdLa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_243.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_243.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy