දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇවන්ට්ගාඩ්ගෙන් රක්නා ලංකාට කෝටි 84ක්?
Homeදේශපාලන

ඇවන්ට්ගාඩ්ගෙන් රක්නා ලංකාට කෝටි 84ක්?

PropellerAds

ඇවන්ගාඩ් සමාගමෙන් රක්නා ලංකා සමාගමට අය විය යුතු රුපියල් අසූහතර කෝටි තිස් ලක්ෂයක මුදල අය කැර ගැනීම සඳහා නීතිඥ සමාගමක් අවශ්‍ය නීතිමය පියවර ...


ඇවන්ගාඩ් සමාගමෙන් රක්නා ලංකා සමාගමට අය විය යුතු රුපියල් අසූහතර කෝටි තිස් ලක්ෂයක මුදල අය කැර ගැනීම සඳහා නීතිඥ සමාගමක් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා පැවසීය.

නීතිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට ලබාදුන් උපදෙස්වල ප්‍රතිඵලයක් ලෙස නීතිඥ සමාගමක් හරහා නීතිමය පියවර ගැනීම සිදුවන බවත්, සමරවීර මහතා පැවසීය. අදාළ නීතිඥ සමාගම තෝරාගත්තේ ටෙන්ඩර් ක්‍රියාපිළිවෙත අනුගමනය කිරීමෙන්ය.

මෙවන් පියවරක් ගැනීමට සිදුවී ඇත්තේ වසර 2015 ඔක්තෝබර් 25 වැනිදා ඇවන්ගාඩ් සහ රක්නා ලංකා සමාගම් දෙකේ සභාපතිවරුන් අතර අස්සන් කළ ගිවිසුම උල්ලංඝනය කරමින් ඇවන්ගාඩ් සමාගම රක්නාලංකා සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැර තිබීමයි.

එම ගිවිසුමට අනුව ඇවන්ගාඩ් සමාගමින් අය විය යුතුව තිබුණ මුළු මුදලින් රුපියල් විසිපන්කෝටි පනස්ලක්ෂයක මුදලක් කපා හැරීමට රක්නා ලංකා සමාගම පියවර ගෙන තිබිණි.

ගිවිසුම අස්සන් කළ වහාම ඇවන්ගාඩ් සමාගම රක්නා ලංකා සමාගමට රුපියල් දහසයකෝටි පනස්ලක්ෂයක මුදලක් ගෙවා තිබේ. ඉතිරි මුදල් වාරික දහයක් යටතේ මාස දහයකින් ගෙවීමට ගිවිසුම අනුව එකඟත්වය පළ කර තිබේ. එහෙත් ගිවිසුම උල්ලංඝනය කැර තිබෙන ඇවන්ගාඩ් සමාගම නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් හිඟ මුදල් අය කැර ගැනීමට මෙසේ නීතිමය පියවර ගන්නා බව පැවසූ සමරවීර මහතා සහනයක් සලසමින් කපා හරින ලද රුපියල් විසිපන්කෝටි පනස් ලක්ෂයක මුදලත් මේ යටතේ අය කැර ගන්නා බව ප්‍රකාශ කෙළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29543,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇවන්ට්ගාඩ්ගෙන් රක්නා ලංකාට කෝටි 84ක්?
ඇවන්ට්ගාඩ්ගෙන් රක්නා ලංකාට කෝටි 84ක්?
http://ift.tt/2bFFLFw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy