පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ස්වාදීන පුද්ගලයෙකු නොව එජාප ශාඛා සමිතියක සභාපතිවරයෙක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ප...
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ස්වාදීන පුද්ගලයෙකු නොව එජාප ශාඛා සමිතියක සභාපතිවරයෙක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ජනසටන පාද යාත‍්‍රාව අතරතුර මාධ්‍ය අමතමිනි.
‘අද අරඹපු පාද යාත්‍රාව ඉතාම සාර්ථකව වෙනවා කියා අපට විශ්වාසයි. අපි ආණ්ඩුවට ස්තුති වෙනවා බයවුණු බයවිල්ලට. අද ඉන්නේ ස්වාධින පොලිස්පතිවරයෙක් නෙවෙයි. ඔහු සම්පුර්ණයෙන්ම යූඑන්පී ශාඛා සමිති සභාපතිවරයෙක්. පොලිස්පති සාධාරණ වෙන්න ඕන. ස්වාධීන වෙන්න ඕන. පාද යාත‍්‍රාව ගැන අපි එක්ක සාකච්ජා කරන ගමන් උසාවියට ගිහින් තීන්දු තීරණ අරගන්න ඔහු කටයුතු කලා. ඔහ දුන්නේ ඉතාම වැරදි පණිවුඩයක්. ඔහුගේ ස්වාදීනත්වය ගැන විශාල ප්‍රශනයක් තියනවා’
COMMENTS