ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න ...
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (27) ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභා හතෙන් පළාත් සභා හයකම මහ ඇමැතිවරුන් සහභාගි වීම විශේෂත්වයක් වූ අතර මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා විදෙස්ගතවීම නිසා සහභාගි නොවීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව යන ඕනෑම පුද්ගලයකුට විනය පියවර ගත යුතු බවත් එනිසා පාද යාත්‍රාවෙන් පසු බොහෝ දේවල් සිදුවන බවත් මහ ඇමැතිවරයා සඳහන් කළේය. මේ අතර දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කළේ මෙම දේශද්‍රෝහී, පක්ෂ ද්‍රෝහී පාද යාත්‍රාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් සහභාගි නොවිය යුතු බවත් මෙයට සහභාගි වන සියලු දෙනාම ද්‍රෝහීන් ලෙස ඉතිහාසගතවනු ඇති බවත්ය.
එමෙන්ම සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා කියා සිටියේ මෙම පාද යාත්‍රාව පක්ෂයට හෝ පක්ෂ නායකයාට කිසිදු අභියෝගයක් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක් ලෙස ඕනෑම කෙනකුට පාද යාත්‍රා යෑමේ අයිතියක් ඇති බවත් එය එසේ වුවත් තමා සිටින්නේ පක්ෂයේ සභාපති හා නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බවත්ය.

COMMENTS