දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. මෙය ද්වේෂසහගත ක්‍රියාවක් - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා (Video)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ලබා දී ඇති සිරදඬුවම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් එන්...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ලබා දී ඇති සිරදඬුවම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද 'බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරකීමේ ජාතික මහා සමුළුව' අමතමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ, මහේස්ත්‍රාත් අධිකරණයකට අපහාස කිරීමේ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඬුවම රුපියල් 1500 ක දඩයක් සහ මාස 18 ක සිරදඬුවමක් පමණක් බවයි.

එසේ තිබියදී අදාළ මහේස්ත්‍රාත්වරයා විසින් ලිපියක් මඟින් අභියාචනාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව, එවක අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් උන්වහන්සේට වසර 6ක සිරදඬුවමක් නියම කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව හෙතෙම අවධාරණය කළේය.

අභියාචනාධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් හැර වෙනත් අධිකරණයක සිදුවූ කරුණක් වෙනුවෙන් එවැනි දඬුවමක් ලබාදීමට ප්‍රතිපාදන නොමැති බවත්, ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද, මේ වන විට ජාතික නායකයින් සහ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීම 'වෛරසයක්' සේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එක් පසෙකින් මහා සංඝරත්නයටත් තවත් පසෙකින් සිංහල බෞද්ධ නායකයින්ටත් එරෙහිව මෙම ක්‍රියාමාර්ග ද්වේෂසහගතව ක්‍රියාත්මක වන බවත් හිටපු අගවිනිසුරුවරයා චෝදනා කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නීතිමය මාර්ගයෙන් කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
-lankacnews

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30522,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. මෙය ද්වේෂසහගත ක්‍රියාවක් - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා (Video)
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. මෙය ද්වේෂසහගත ක්‍රියාවක් - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා (Video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaoWfN__K5lFMA-KPotXTwOkpcWnHcuI7sp9qDhB2JZeX4DQmTx8oZdQm-SGPmKQACt5DUMxtGnpU4Vr6J2ELmOOkiiw6ig5qjqAvy3gvf5vtxGHchEQxGi_wPiUVWYNGMJ5ZtJ3-gER566aMrIaIt70ojVWDcmmjW96_U9fZixvsOgTpwovXB0-FQWAn7/s320/dsdas.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaoWfN__K5lFMA-KPotXTwOkpcWnHcuI7sp9qDhB2JZeX4DQmTx8oZdQm-SGPmKQACt5DUMxtGnpU4Vr6J2ELmOOkiiw6ig5qjqAvy3gvf5vtxGHchEQxGi_wPiUVWYNGMJ5ZtJ3-gER566aMrIaIt70ojVWDcmmjW96_U9fZixvsOgTpwovXB0-FQWAn7/s72-c/dsdas.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/10/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/10/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy