දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දුෂිතයන්ට දඬුවම් දෙනවා..- විදේශ ඇමති UN මහ සමුළුව අමතමින්

කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව සහ පුද්ගල සමාජ තරාතිරම නොබලා දූෂණයට එරෙහිව නීතිය දැඩිව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ප...

කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව සහ පුද්ගල සමාජ තරාතිරම නොබලා දූෂණයට එරෙහිව නීතිය දැඩිව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවේ මහා විවාදය අමතමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දූෂණය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කර ජනතා විශ්වාසය බිඳ දමන බව ශ්‍රී ලංකාව මනාව වටහාගෙන ඇති බවයි. විනිවිදභාවයෙන් යුතු සහ සදාචාරාත්මක රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයට මෙරට සියලු ප්‍රජාවන් නියෝජනය වන පරිදි ඓතිහාසික ජනවරමක් හිමි වූ බව සිහිපත් කළ ඒ මහතා, වචනයට පමණක් සීමා නොවී විනය, කැපවීම සහ ක්‍රියාවෙන්ම ජනතා විශ්වාසය යළි තහවුරු කරමින් සිටින බව අවධාරණය කළේය.

අල්ලස් හා දූෂණ විමර්ශනය කරන සහ නඩු පවරන ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ආරම්භ කළ ජාතික වැඩසටහන මඟින් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පෙළේ මහමොළකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.

2022 පැවති දැඩි ආර්ථික අර්බුදයෙන් සහ ස්වභාවික ආපදාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි අත්පත් කරගෙන ඇති බවත්, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ණය බරින් පීඩිත රටවල් මුහුණ දෙන අභියෝග හමුවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන අතරම, පීඩාවට පත් අවදානමට ලක්වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන්කරමින් නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සුරැකීමට පියවර ගත් බවද සඳහන් කළේය.

දශක තුනක යුද්ධයේ කැළැල් සුවපත් කරමින් ජාතික සමඟිය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය කැපවී සිටින බවත්, ජාතිවාදය සහ ආගමික අන්තවාදය සියලු ආකාරයෙන් ප්‍රතික්ෂේප කර විවිධත්වය අගයන සුරක්ෂිත දේශයක් බිහිකිරීම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.

භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සිය නොබැඳි ප්‍රතිපත්තිය රකිමින් මානුෂීය වගකීම් ඉහළින්ම ඉටුකළ බව සිහිපත් කළ හෙතෙම, මෙරට මුහුදු සීමාව ආසන්නයේ අනතුරට පත් විදෙස් නෞකාවක සිටි නාවිකයන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ ආකාරය ආදර්ශයක් ලෙස පෙන්වා දුන්නේය.

මීට අමතරව, ගාසා තීරයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව දැඩි කනගාටුව පළ කළ අමාත්‍යවරයා, 1967 දේශසීමා පදනම් කරගනිමින් ඊශ්‍රායලය සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවතිය හැකි ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය නොවෙනස්ව පවතින බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ඇති කළ යුතු බවත් අවධාරණය කළේය.

එමෙන්ම දේශගුණික විපර්යාසවල අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා 'දේශගුණික යුක්තිය' (Climate Justice) ඉටුවිය යුතු බවත්, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමටත් 2050 වන විට ශුන්‍ය කාබන් විමෝචනයක් කරා ළඟා වීමටත් ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බවද අමාත්‍ය විජිත හේරත් මහතා සිය දේශනයේදී වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30523,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුෂිතයන්ට දඬුවම් දෙනවා..- විදේශ ඇමති UN මහ සමුළුව අමතමින්
දුෂිතයන්ට දඬුවම් දෙනවා..- විදේශ ඇමති UN මහ සමුළුව අමතමින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2BOXanfCcbt_XCnbiTcLFKsO8siOGItUz67oK5aM-A7jAN45gOypanetsEmi7BlUCXu7l2pSWNDvGNOV-KtMq_QKquLOy9Iy0YQVhF7jEDVYz5d6y0Peqc6UlI4M3Lgbc_jebvBsO8oRASbAAh1U7iX2biU8DaZckydFW8J3q0xarpC2CcTolnvOVzz4E/s320/rfrt4tg5.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2BOXanfCcbt_XCnbiTcLFKsO8siOGItUz67oK5aM-A7jAN45gOypanetsEmi7BlUCXu7l2pSWNDvGNOV-KtMq_QKquLOy9Iy0YQVhF7jEDVYz5d6y0Peqc6UlI4M3Lgbc_jebvBsO8oRASbAAh1U7iX2biU8DaZckydFW8J3q0xarpC2CcTolnvOVzz4E/s72-c/rfrt4tg5.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/un.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/un.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy