දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වහල මත සෝලා සදහා අනුමැතිය දීම සීමා කරන්නැයි නිල වශයෙන් දැනුම් දේ...

ශ්‍රී ලංකාවේ සමස්ත ස්ථාපිත සූර්ය විදුලි ධාරිතාව මේ වන විට මෙගාවොට් 3,070 ඉක්මවා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (NSO) නිවේදන...

ශ්‍රී ලංකාවේ සමස්ත ස්ථාපිත සූර්ය විදුලි ධාරිතාව මේ වන විට මෙගාවොට් 3,070 ඉක්මවා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (NSO) නිවේදනය කරයි.
කාලගුණික තත්ත්වයන්ට අනුකූලව මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 15 ත් 25 ත් අතර ප්‍රමාණයක් මේ වන විට සූර්ය බලශක්තිය මඟින් සපුරා ගන්නා බව එම සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

පවතින Net Metering, Net Accounting සහ Net Plus යෝජනා ක්‍රම ඔස්සේ වහල මත සවිකළ සූර්ය විදුලි පද්ධති (RTSPV) මඟින් මෙගාවොට් 2,542ක් සහ භූමිය මත ස්ථාපිත සූර්ය විදුලි බලාගාර මඟින් මෙගාවොට් 534ක් මේ වන විට ජාතික පද්ධතියට එක් කර ඇත. තවද අනුමැතිය ලත් ව්‍යාපෘති මඟින් මසකට මෙගාවොට් 25ත් 30ත් අතර ධාරිතාවක් අලුතින් එක් වෙමින් පවතින බවද සඳහන් වේ.

2026 වසර සඳහා අපේක්ෂා කළ වහල මත සවිකරන සූර්ය බලශක්ති ධාරිතාව මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බැවින් සහ පද්ධතියේ පවතින තාක්ෂණික සීමාවන් හේතුවෙන්, නව සූර්ය විදුලි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේදී පද්ධතියේ මෙහෙයුම් තත්ත්වයන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ (LECO) ඇතුළු බලපත්‍රලාභීන්ගෙන් NSO සමාගම ඉල්ලා ඇත.

මෙය පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සීමා කිරීමක් නොව, පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත් තාවකාලික ක්‍රියාමාර්ගයක් බව එම නිවේදනයෙහි අවධාරණය කෙරේ.

කෙසේ වෙතත්, පද්ධතියට විදුලිය මුදා නොහරින (Zero Export) සූර්ය විදුලි පද්ධති සඳහා මෙම සීමා කිරීම් අදාළ නොවන අතර, පාරිභෝගිකයන්ට දිවා කාලයේ නිපදවන විදුලිය බැටරි පද්ධතිවල ගබඩා කර රාත්‍රී කාලයේ භාවිතයට ගැනීමට හැකි වන පරිදි එම පද්ධති ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ. එමෙන්ම කුඩා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා අනාගතයේදී ආනයනික බදු සහන ලබාදීමටද රජයේ අවධානය යොමුව ඇත.

මීට අමතරව, 2026 සැප්තැම්බර් 11 දිනට පෙර අනුමැතිය හිමිවූ සියලු සූර්ය විදුලි අයදුම්පත් වෙනසකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර, Net Plus යෝජනා ක්‍රමය යටතේ නව අයදුම්පත් භාරගැනීම අඛණ්ඩව සිදු කෙරේ.

2027–2029 කාලසීමාව සඳහා සකස් කළ අන්තර්කාලීන වාර්තාවට අනුව තවත් මෙගාවොට් 1,392ක සූර්ය බලශක්තියක් සහ මෙගාවොට් පැය 4,660ක (1,240 MW) බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවද ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
-lankacnews

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30523,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වහල මත සෝලා සදහා අනුමැතිය දීම සීමා කරන්නැයි නිල වශයෙන් දැනුම් දේ...
වහල මත සෝලා සදහා අනුමැතිය දීම සීමා කරන්නැයි නිල වශයෙන් දැනුම් දේ...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoazQwEKh5MKMcRtWhRvdjRsY8PX-mgGChZhXUIxJA7wZ24dIwzba9ZJqPWnRj4fEhTYg4tUJeQD7dPnyiaMewua6v0slyXwqv72eEmRrrUrBaO91GAcDD4Gu4cdpe42zZemI9ky_8A6FYN4bKexUZiUwkJTErPmu_SjjNqSNcdPYVFsVkZEBL7VrBumeS/s320/edls.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoazQwEKh5MKMcRtWhRvdjRsY8PX-mgGChZhXUIxJA7wZ24dIwzba9ZJqPWnRj4fEhTYg4tUJeQD7dPnyiaMewua6v0slyXwqv72eEmRrrUrBaO91GAcDD4Gu4cdpe42zZemI9ky_8A6FYN4bKexUZiUwkJTErPmu_SjjNqSNcdPYVFsVkZEBL7VrBumeS/s72-c/edls.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_554.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_554.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy