දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කථානායකට විශ්වාස භංගයක්.. ඉතිහාසයේ වැඩිම චෝදනා මෙවරයි... එල්ල වන චෝදනා මෙන්න

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට  එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි  ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. මේ තී...

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට  එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි  ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා සඳුදා  රැස්වුණු එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

මේ අනුව එම විශ්වාසභංග යෝජනාව විශේෂඥ කණ්ඩායමක් විසින්  දැනටමත් කෙටුම්පත් කරනු ලැබ ඇති   අතර  ඊට කතානායකවරයාට එරෙහි චෝදනා 46ක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ  වැඩිම චෝදනා ඇතුළත් කෙරෙන මෙරට  පළමු  විශ්වාසභංග  යෝජනාව මෙය බවයි.

සමගි  ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග  යෝජනාවක් ගෙන ඒමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසිනි.  ඊට  සෙසු සියලුම මන්ත්‍රීවරුන් කැමැත්ත පල කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට  බාරදීමට නියමිතය

කතානායකවරයාගේ නිල නිවස රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන ගමන්  නිවාස නොමැති ඇමතිවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට  දෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කොළඹ ලොරිස් පටුමගේ  නිල නිවසක් ලබාදීම, කතානායක නිල නිවසේ නඩත්තුව සඳහා අට දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් යෙදවීම සහ ඔවුන්ට වැටුප් සහ දීමනා ලෙස මාසිකව රුපියල් හත් ලක්ෂ හැටදහසක මුදලක් සහ  ජල විදුලි බිල්පත් හා නඩත්තුව සඳහා අවශ්‍ය කෙරෙන වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේටද  කොළඹ 04 ලොරිස් පටුමගේ සුඛෝපභෝගී  නිවාස සංකීර්ණයෙන් අංක 4-3 දරන නිවාසය පෞද්ගලික මැදිහත්වීමෙන් ලබා දී රජයට පාඩු කිරීම සහ රාජ්‍ය දේපළ අවභාවිතයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම,  කතානායක නිල නිවසේ උප ලේඛනගත භාණ්ඩ වන කොට්ට උර සහ  තුවා ඇතුළු උපකරණ නිසි අවසරයකින් තොරව පිටට ගෙන යෑමෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, නිල වශයෙන් හිමිවන නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවේ WP NC4923  වෑන් රථයද ලබාගෙන එම වාහන වලටද ඉන්ධන ලබා ගැනීම, කතානායක  මාධ්‍ය ඒකකය නමින්  ඒකකයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ අනීතිකව ලබා ගැනීම, කතානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේදී පෞද්ගලික ලේකම්වරයා සමග දිවා ආහාරය ගෙන  අමුත්තකුට ගෙවිය යුතු මුදල නොගෙවා සිටීමෙන් පාඩුවක් කිරීම  සහ  කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඔවුන් ඉල්ලන පහසුකම් නොදෙන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කතානායකවරයා සහ පෞද්ගලික ලේකම්වරයා  දෝෂාරෝපණය කරමින්  ඔවුන් ස්ථාන මාරු කරමින් අභ්‍යන්තර පාලනයට මැදිහත්වීමෙන් ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කිරීම  යනාදී චෝදනා 46 ක් මෙම විශ්වාසභංග  යෝජනාවට ඇතුළත්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ  සියලු පක්ෂ කැමැත්ත පළකර ඇති බවයි.

- Lankadeepa

මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30523,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කථානායකට විශ්වාස භංගයක්.. ඉතිහාසයේ වැඩිම චෝදනා මෙවරයි... එල්ල වන චෝදනා මෙන්න
කථානායකට විශ්වාස භංගයක්.. ඉතිහාසයේ වැඩිම චෝදනා මෙවරයි... එල්ල වන චෝදනා මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiX-4dXyGIrfJ8o9yLfFn6vMLaRyOm7wO4fivPZhLP-VtQ3VYM18docB6ElK8xo46QtIJ7-bt6wPDFLvpBQ6sUJ2fojNxRziOiH0sbHKpOJ8-O4AM8WrUaMY2O4fDxHyS8K6mWBphCpvZ4ejNG6jZhLLFxQ0VJ3zXIwr58BO_GG31qTHkB6OgPu432J9nZe/s320/jagath3.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiX-4dXyGIrfJ8o9yLfFn6vMLaRyOm7wO4fivPZhLP-VtQ3VYM18docB6ElK8xo46QtIJ7-bt6wPDFLvpBQ6sUJ2fojNxRziOiH0sbHKpOJ8-O4AM8WrUaMY2O4fDxHyS8K6mWBphCpvZ4ejNG6jZhLLFxQ0VJ3zXIwr58BO_GG31qTHkB6OgPu432J9nZe/s72-c/jagath3.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy