දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාස්කු තීන්දුව... අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද?

පසුගිය 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ජාතික තව්හීද් ජමාත් සංවි...

පසුගිය 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ප්‍රහාර එල්ල කළේය.

ඒ අනුව එම ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා වලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (22) වනදා තීන්දු කළේය.

පුරා වසර 6කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 200 සිට 260 දක්වා වූ සිර දඬුවම් නියම කෙරිණි.

දඬුවම් නියම කිරීමට පෙර නීතිඥවරුන් නොමැතිව හයවන විත්තිකාර මොහොමඩ් රිස්කාන් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“මම මේ මුළු නඩුවේදීම නිහඩව සිටියේ. සියල්ල නිහඩව බලාගෙන සිටියා. එහෙම ඉඳලා අද වැරදිකරුවෙක් වෙලත් බොහෝම සතුටින් ඉන්නේ. නමුත් මම දන්නවා ඔබතුමන්ලා විශාල පීඩනයකින් ඉන්නේ. යම් වරදක් වුණා, යම් කෙනෙක් ඒක කළා. නමුත් මේ වගේ දෙයක් අපි සැලසුම් කළේ නැහැ.

හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ වගේ මේකට සම්බන්ධ යම් පිරිසක් ඉන්නවා. අපි මේකට වැරදිකාරයෝ වෙලත් සතුටින් ඉද්දි, මේකට සම්බන්ධ යම් පිරිසකගේ ඔළුව ගිනි අරන් සෑහෙන දුකකින් ඇත්තේ. අපි CID එකේ ඉද්දි ඇහුණ යම්යම් දේවල් තියෙනවා.

මේකට අදාළ කට්ටිය ඉන්නවානම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. අල්ලා දෙවියන්ගේ නාමයෙන් අපි වරදක් කරලා නැහැ. නමුත්. නැහැ එක්කෝ ඕනේ නැහැ.”

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර කරුණු දක්වමින් සඳහන් කළේ,

“ස්වාමිනි., විත්තිකරුවන්ට එරෙහිව පවත්නා නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ට ලිහිල් හෝ අත්හිටවූ සිරදඬුවම් ලබාදෙන්න හැකියාවක් නැහැ. මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරකයින් වූ සහරාන්, ඉන්ෂාෆ් වැනි අය කිව්වේ මොකක්ද.? ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කරන්න අන්‍යාගමිකයින් මරාදමන්න කියලා. ඒ මහා අපරාධයට කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදුන් මේ විත්තිකරුවන් තවමත් ඒ මතයේම එළඹ සිටිනවා.

මොවුන් කිසිවෙක් මේ මොහොතේත් පශ්චත්තාපවීමක් හෝ කනගාටුවක් පළ කරන්නේ නැහැ. මෙවැනි විත්තිකරුවන් හැකිතාක් සමාජයෙන් දුරස්කර තැබිය යුතුයි. මෙවැනි අන්තවාදී අදහස් දරන්නන්ට වැදගත් පණිවුඩයක් ලබාදෙමින් මේ විත්තිකරුවන්ට දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව රාත්‍රී 11.00ට පමණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින්ද බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

තවද, එම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාගේම නිශ්චල සහ චංචල දේපළ සියල්ල නඩු තීන්දුව නිකුත් කළ මොහොතේ පටන් රාජසන්තක කරන බවද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අනතුරුව බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා (23) දින අලුයම 2.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියේය.

එම විත්තිකරුවන් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන මොහොතේ සිනාමුසු මුහුණින් පැමිණෙන ආකාරයත් නිරීක්ෂණය වු අතර ඇතැම් විත්තිකරුවන් ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කරන ආකාරයක් නිරීක්ෂණය විය.


ඒ ආකාරයට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් මේ ආකාරයටම ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කළේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30525,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු තීන්දුව... අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද?
පාස්කු තීන්දුව... අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_h7ChO6yGFa_4OxpnZC8kmbIPVuwALQFwfzEFysWbn6QYl6H1eXd3M0jDAPCZv3wmLwFjptOFDF1NfHoLK906nKQbY80_rekORl-0EGY6tHY-QyokO0J5-y5i1QVH86rAMEHbw4IVhr3xu25bp8b7VlnKk5GFFMUul2jxYfIL8qEo0F0ueJD2jN3AF8jY/s320/saharan-attack.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_h7ChO6yGFa_4OxpnZC8kmbIPVuwALQFwfzEFysWbn6QYl6H1eXd3M0jDAPCZv3wmLwFjptOFDF1NfHoLK906nKQbY80_rekORl-0EGY6tHY-QyokO0J5-y5i1QVH86rAMEHbw4IVhr3xu25bp8b7VlnKk5GFFMUul2jxYfIL8qEo0F0ueJD2jN3AF8jY/s72-c/saharan-attack.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy