අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ක...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
ඒ අනුව, මෙම මස 13 වැනි දින ඔහු කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
මීට අමතරව, හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතාට ද එළඹෙන 16 වැනිදා එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
මෙම කැඳවීම්වලට පාදක වී ඇත්තේ කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමකි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන් වේ.
මීට අදාළ ලිඛිත නිවේදනය පසුගිය සිකුරාදා (6) හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS