අද (04) දිනට යෙදෙන 78වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂනායක සජිත් ...
අද (04) දිනට යෙදෙන 78වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිදහස් දින පණිඩිඩ එක්කර තිබේ.
පොහොසත් රටක්-ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට අත්වැල් බැඳගනිමු – ජනපති
ගෙවුණු සියවසේ මඟහැරුණු ජයග්‍රහණ මෙරටට අත්කර දෙමින් සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැඟීම සඳහා එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු පුරවැසියන්ට ආරාධනා කර සිටියි.
78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙවර නිදහස් දිනය සමරනු ලබන්නේ අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක බවය.
රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු, ඉසුරුමත් සහ යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟා, ඔවුන් ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශයෙන්ම නිර්මාණය කළ හැකි බවට තමා සතුව ඇත්තේ අචල විශ්වාසයක් බව ද හෙතෙම එහි දක්වා ඇත.
සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් කැපවෙමු – අගමැති
පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් අපි සියලුදෙනාම අත්වැල් බැඳගත යුතු යුගය ඇරඹී තිබෙන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනිය එසේ සඳහන් කර තිබේ.
සැවොම එකට එකතු වී රට ගොඩගනිමු – විපක්ෂනායක
එකට එකතු වී නිදහස ලැබුවා සේ ‘එකට එකතු වී රටත් ගොඩ ගනිමු’ යැයි නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ගෙවී ගිය වසර 78ක කාලය තුළ අගතිගාමී නොවී රට පිළිබඳ විමසා බැලුවහොත් අප ලැබූ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනා ගැනීමට හැකි ය. ඒවා පිළිබඳ විචාරශීලීව විමසා බලමින් වර්තමානයේ කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව සැම වටහා ගැනීම අත්‍යවශ්‍ය වූවක් බව ද එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

COMMENTS