දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උපවාස කර මැරුණත් අපිට අදාල නෑ..- ගුරු උපවාසයට ආණ්ඩුවෙන් පණිවුඩයක්..

මෙරට ඉතිහාසය තුළ ආහාර වර්ජනයක් හේතුවෙන් පුද්ගල මරණ වාර්තා වී නොමැති බවත්, එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදු වුවද එහි වගකීම භාර ගැනීමට රජය බැ...

මෙරට ඉතිහාසය තුළ ආහාර වර්ජනයක් හේතුවෙන් පුද්ගල මරණ වාර්තා වී නොමැති බවත්, එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදු වුවද එහි වගකීම භාර ගැනීමට රජය බැඳී නොමැති බවත් පාසල් සංවර්ධන නිලධාරීන් ජනාධිපති කාර්යාලය අභියස දියත් කර ඇති මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පැවසීය.

මෙරට තුළ උපවාසයකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු පමණන් යයිද නිපුනආරච්චි මහතා පෙන්වා දෙයි.

වසර හතක කාලයක් පාසල් පද්ධතියේ සේවය කර ඇති තමන් ගුරු සේවයට ඇතුළත් කිරීම සඳහා රජය යෝජනා කර ඇති තරග විභාගය ප්‍රතික්ෂේප කරමින්, ගුරු සංවර්ධන නිලධාරීන් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය ක්‍රියාත්මක වේ. 

වසර ගණනාවක් පන්තිභාර, අංශභාර සහ නියෝජ්‍ය විදුහල්පති වැනි වගකිවයුතු තනතුරු පවා දරමින් සිදුකළ සේවය ඇගයීමට ලක් කරන ලෙසත්, තරග විභාග වෙනුවට ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා තමන් ගුරු සේවයට අනුයුක්ත කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා අවධාරණය කරන්නේ ගුරු සේවයට ඇතුළත් කර වසර තුනක් ඇතුළත අවශ්‍ය පශ්චාත් උපාධි සුදුසුකම් සපුරාලීමට තමන් සූදානම් බවයි. 

උපවාස භූමිය අවට පොලිස් ආරක්ෂාව ද තර කර තිබේ. 

තම සේවා කාලය සැලකිල්ලට ගෙන සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සටන අත්නොහරින බව සංගමය වැඩිදුරටත් පවසයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29977,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උපවාස කර මැරුණත් අපිට අදාල නෑ..- ගුරු උපවාසයට ආණ්ඩුවෙන් පණිවුඩයක්..
උපවාස කර මැරුණත් අපිට අදාල නෑ..- ගුරු උපවාසයට ආණ්ඩුවෙන් පණිවුඩයක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX6nU5V6asBfW0x4LoVbb0j9o4tCqSCt9vC2LXEEswz51OQxgfgibghOs_ZqUMKdGhV-UhkbZb1_8wCnuWl54TUHm5HMw7B6LcPnxnE6u2dBnGCQHcXxeXnjuhej6BAN1YggpbPxlvi147JL_7EpzXC2zTM153WEJAy_9ZLDpqz9eeqzULH-G10gD8WRF1/s320/road.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX6nU5V6asBfW0x4LoVbb0j9o4tCqSCt9vC2LXEEswz51OQxgfgibghOs_ZqUMKdGhV-UhkbZb1_8wCnuWl54TUHm5HMw7B6LcPnxnE6u2dBnGCQHcXxeXnjuhej6BAN1YggpbPxlvi147JL_7EpzXC2zTM153WEJAy_9ZLDpqz9eeqzULH-G10gD8WRF1/s72-c/road.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy