දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නීතිපතිගෙන් තද ප‍්‍රකාශයක්!

තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි සහගත නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ පූර්ණ අයිතිය ඕන...

තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි සහගත නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ පූර්ණ අයිතිය ඕනෑම අයෙකුට පවතින බවත් නීතිපති ජනාධිපති නීතිඥ පරින්ද රණසිංහ මහතා අවධාරණය කරයි.

මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් එල්ල වූ විවිධ විවේචන හමුවේ, නීතිපතිවරයා වෙත සහයෝගය පළ කිරීම සඳහා නීතිඥ කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවේදී ඔහු හමුවූ අවස්ථාවේදී රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිපතිවරයා මෙසේද පැවසීය.

"මා නීතියට ඉහළින් සිටින අයෙකු නොවෙයි. මා යම් වැරැද්දක් සිදු කරන්නේ නම්, එය අභියෝගයට ලක් කිරීම සඳහා අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහන ලබාගැනීමට ඕනෑම අයෙකුට නීතිමය අවකාශය පවතිනවා."

නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට සහ රාජකාරී කටයුතුවලට බාධාවකින් තොරව කටයුතු කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව එම නීතිඥ කණ්ඩායම මෙහිදී ප්‍රතිඥා දුන්හ. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපල් ජයසූරිය, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් සහභාගී වී සිටියහ.

මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අනවශ්‍ය බලපෑමක් එල්ල නොවන බවට වගබලා ගැනීම රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමක් බවයි. 

නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා නීතිපති කාර්යාලයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29960,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපතිගෙන් තද ප‍්‍රකාශයක්!
නීතිපතිගෙන් තද ප‍්‍රකාශයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXPKAd4f96lSP0-eqF-gkzq1SbSvrMgGVCn-h1wMaiuvmdT2sBD3IFqXfhgDS9p903QuJ18PPW8uhtC9o8bxcyLutg0x88-XeEcNxGJOGOApFhcM6DFhpEFzhC16HKhIJSySSbjAYvt6SfS4__2npEpmHT5C2cFMXtvSagRvKArlMUTs51FhK_mFQmP-MX/s320/parnida.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXPKAd4f96lSP0-eqF-gkzq1SbSvrMgGVCn-h1wMaiuvmdT2sBD3IFqXfhgDS9p903QuJ18PPW8uhtC9o8bxcyLutg0x88-XeEcNxGJOGOApFhcM6DFhpEFzhC16HKhIJSySSbjAYvt6SfS4__2npEpmHT5C2cFMXtvSagRvKArlMUTs51FhK_mFQmP-MX/s72-c/parnida.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy