දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට…

අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දුෂණය කල පරිවාස නිළධාරියෙකු අම්පාර දිස්ත්‍රික්කයේ ළමා සහ කාන...

අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දුෂණය කල පරිවාස නිළධාරියෙකු අම්පාර දිස්ත්‍රික්කයේ ළමා සහ කාන්තා කාර්යංශය සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා කාර්යංශයට ලැබුනු තොරතුරක් අනුව අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය යන නිළධාරින් විසින් පසුගියදා ( 03 ) රාත්‍රියේදී මහියංගණය ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකන්ඩිය රිදීඇල ප්‍රදේශයේ පදිංචි, අවුරුදු 35 ක් වයසැති පුද්ගලයෙකි. ඔහු දෙහිඅත්තකන්ඩිය පරිවාස කාර්යාල‍යේ පරිවාස නිලධාරිවරයා ලෙස රාජකාරිය කටයුතු කරන බවද පොලිසිය පවසයි.

දැනට කරන ලද විමර්ශණ වලදි මෙම පුද්ගලයා විසින් එක දැරියක් ලිංගිකව දුෂණය සිදුකර ඇති අතර අනෙක් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

ලිංගික හිංසනට වු දැරිය ම් පිලිබඳව තම මිතුරියටකට පවසා ඇති අතර ඇය හරහා නිවාස පාලිකාව දැනුවත් වි තිබේ.

පසුව නිවාස පාලිකාව විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. විමර්ශන ආරම්භ වී ඇත්තේ ඒ අනුවය.

පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව සැකකාර පරිවාස නිළධාරියා ප්‍රදේශය මගහැර සිටි අතර 03 රාත්‍රියේදි මහියංගණය ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

සැකකාර පරිවාස නිලධාරියා ඊයේ ( 04 ) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය පරිදි අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ගේ නියෝගය අනුව.අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් කුමාර මහතාගේ සම්බන්ධිකරණය යටතේ .මහඔය කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි සුමිත් ප්‍රියන්ත බංඩාරගේ මෙහෙයවීමෙන් අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ අම්පාර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානධිපතිනිය කාන්තා උප පොලිස් පරීක්ෂක චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Department of Probation and Child Care Services

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30105,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට…
පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc-KpWLdRPYV7H8LrVWyiNU9Vzu2xruSTX1sP1-AUMWa8nyvfxmXiJUbGpo1Og9_Ia2_giWM7ALMQ_GD-EX4BXa2bLEJNiCOuc8AreqjNJWWxI9JQk_rbQA7_3ix2EXVsC7j6wu_bfCZ_CqlhnXYZ9UI6s4OGGGvf2JCWAAm6Xm38TOmzakIoZAmHGbHFV/s320/Department-of-Probation-and-Child-Care-Services.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc-KpWLdRPYV7H8LrVWyiNU9Vzu2xruSTX1sP1-AUMWa8nyvfxmXiJUbGpo1Og9_Ia2_giWM7ALMQ_GD-EX4BXa2bLEJNiCOuc8AreqjNJWWxI9JQk_rbQA7_3ix2EXVsC7j6wu_bfCZ_CqlhnXYZ9UI6s4OGGGvf2JCWAAm6Xm38TOmzakIoZAmHGbHFV/s72-c/Department-of-Probation-and-Child-Care-Services.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy