භාණ්ඩ රැගෙන යෑම සඳහා භාවිත කරන බහලුම් මලු (ෂොපින් බෑග්) නොමිලේ ලබාදීම අද (01දා) සිට තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව ෂොප...
භාණ්ඩ රැගෙන යෑම සඳහා භාවිත කරන බහලුම් මලු (ෂොපින් බෑග්) නොමිලේ ලබාදීම අද (01දා) සිට තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව ෂොපින් බෑග් ලබා දෙන්නේ නම් ඒ සඳහා මිලක් අය කළ යුතුය. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් මස 01 වැනිදා නිකුත් කිරීමට පියවර ගත් බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
වෙළෙන්දකු විසින් පාරිභෝගිකයාට නොමිලේ ෂොපින් බෑග් ලබාදීම නොකළ යුතු බවත් ෂොපින් බෑග් ලබා දෙන්නේ නම් ඒ සඳහා අය කරනු ලබන ගාස්තුව ද බිල්පතෙහි සඳහන් කළ යුතු බවත් ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ද ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවත් අදාළ ගැසට් නිවේදනය මගින් දන්වා තිබේ.
සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
-divaina

COMMENTS