දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පද්මේ CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දීර්ඝ කෙරේ

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම...

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් 2වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියම කළේය.  තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ එකඟත්වය ඇතිව මෙම ප්‍රතිඥාව දීර්ඝ කරනු ලැබීය.

මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02වනදා කැඳවන ලෙසය.

එම අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන නොයන බවට මීට පෙර වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ලබාදුන් ප්‍රතිඥාව එදින දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පළ කළේය.

ඒ අනුව අදාළ ප්‍රතිඥාව මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ සිය පුත්‍රයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවය.

රැදවුම් භාරයේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඔහු මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

(අද දෙරණ)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29738,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පද්මේ CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දීර්ඝ කෙරේ
පද්මේ CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දීර්ඝ කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh450gn8Vq_sZ81XhxDny7Ph2xMQn4VHmS08dG0EhnV4FlxocwSdjSlSFFZJoS9sJ6XMJTXWqogLdNq5qnpC4HZBPVib5fv6niYzAs1th6S_OlvWauBqcZsSYIzyTr4p2k1esihTpJ2X1iZ3HNedidB-QCs7AKGuQQCjFDyDpkrxFWdwLm8_IWgAqq3lcAh/s320/pd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh450gn8Vq_sZ81XhxDny7Ph2xMQn4VHmS08dG0EhnV4FlxocwSdjSlSFFZJoS9sJ6XMJTXWqogLdNq5qnpC4HZBPVib5fv6niYzAs1th6S_OlvWauBqcZsSYIzyTr4p2k1esihTpJ2X1iZ3HNedidB-QCs7AKGuQQCjFDyDpkrxFWdwLm8_IWgAqq3lcAh/s72-c/pd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/10/cid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/10/cid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy