දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නීතිඥ – පොලිස් ගැටුම සමථ මණ්ඩලයට…

පසුගිය ඔක්තෝබර් 10 වැනි දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමීය තුළදී පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකු විසින් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය...

පසුගිය ඔක්තෝබර් 10 වැනි දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමීය තුළදී පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකු විසින් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ විශාල ලෙස හුවමාරු විය. එහිදී අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් කරන චෝදනාවක් එම වීඩියෝවේ අන්තර්ගත විය.

පසුව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද එනම් ඔක්තෝබර් 13 දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඒ අනුව නඩුව නැවත කැඳවීම අද දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වූ අතර සැකකාර පොලිස් නිලධාරියා රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් විසින් නියෝග කරන ලදී.

එමෙන් ම එහි ඉදිරි කටයුතු සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට ද නියෝග කර තිබේ.

මේ අතර ඇප ලබා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පොලිස් නිලධාරියා පිළිගැනීමට ද පිරිසක් අධිකරණ භුමිය අසල එක්රැස් වී සිටියහ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ 2025 ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ය.

එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඔක්තෝබර් 11 වන දින ය.

එමෙන් ම සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝවක නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඒ මොහොතේ පොලිස් නිලධාරීන් හට බැණ වදින ආකාරය දැක්වේ.

එහිදී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු පොලිස් නිලධාරීන්ට පවසන අතර, පොලිස්පතිවරයා විය හැකි අයෙකු ඇමතීමට උත්සහ කරන ආකාරයක් දැක්වේ.

ඒ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරන බවට පවසමින් ය.

අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ඒ අනුව ය.

ඉන්පසුව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔක්තෝබර් 12 වන දින නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කිසිඳු මැදිහත්වීමක් සිදු කර නොමැති බව යි.

“මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටෙක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත. නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විට ත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ගුණරත්න වන්නිනායක නීතිඥවරයාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවසට ද ඊයේ දින පොලීසිය විසින් පැමිණ තිබිණි.

– BBC

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30105,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිඥ – පොලිස් ගැටුම සමථ මණ්ඩලයට…
නීතිඥ – පොලිස් ගැටුම සමථ මණ්ඩලයට…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOFGihEqNjeQRoIX4da5zFFhYN8qe0sNZh-xj4v0ySAMSNKi__qA5DztKYz5LSDcXFDRSWJV7PJc8q5twOc6y4jyvFXY7MKDahalw1qbGKrdxIEiJdSZkmhLjd1bXhoz5fLRB5lJiNN4Jpyi44ZDG8E-ZUEXzsReIng5c6Hi38iibaDshhVGiC_VJW2ggX/s320/er.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOFGihEqNjeQRoIX4da5zFFhYN8qe0sNZh-xj4v0ySAMSNKi__qA5DztKYz5LSDcXFDRSWJV7PJc8q5twOc6y4jyvFXY7MKDahalw1qbGKrdxIEiJdSZkmhLjd1bXhoz5fLRB5lJiNN4Jpyi44ZDG8E-ZUEXzsReIng5c6Hi38iibaDshhVGiC_VJW2ggX/s72-c/er.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy