දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල් වික්‍රමසිංහ ඇප ලබා ගන්න ඉදිරිපත් කළ වාර්තා සැක සහිතයි… විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා පරීක්ෂා කරන්න… දිලීප පීිරිස් අධිකරණයෙන් ඉල්ලයි!

ඇප ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සැක සහිත බව අතිරේක  සොලිසිටර් ජනරාල්  දිලීප පීරිස් ඊයේ...

ඇප ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සැක සහිත බව අතිරේක  සොලිසිටර් ජනරාල්  දිලීප පීරිස් ඊයේ අධිකරණයට දැන්වූයේය. ඔහු කීවේ සැකකාර රනිල් වික්‍රමසිංහ මුදල් අවභාවිතාවක් පමණක් නොව, අධිකරණ ක්‍රියාවලියත් අවභාවිතා කර ඇති බවය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවසුවේය.

ස්වාමීනි. මෙම සැකකරු මුදල් අව භාවිතාවක් පමණක් නොව, අධිකරණ ක්‍රියාවලියත් අවභාවිතා කරලා. පෙර දින සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වෛද්‍ය වාර්තා කීපයක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලීමක් කළා.  එදා සැකකරු හෘද වස්තුවේ පටක මිය යෑමේ රෝගයකින් පීඩා විඳින බව කිව්වා.

සැකකරු රක්ෂිත බන්ධාගරගත කරමින් සැකකරුගේ රෝග සම්බන්ධව වාර්තාවක් මහේස්ත්‍රාත්වරිය කැඳවීමට නියෝගයක් නිකුත් කළේ නෑ.
නමුත් අනුජ ප්‍රේමරත්න මහතා මෙම කරුණු දැක්වීම සිදුකළේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී.ඒ. විජේසිංහ මහතා හය දෙනෙකුගෙන් යුතු වෛද්‍ය මණ්ඩලයකින් කැඳවූ වෛද්‍ය වාර්තාවක් අනුව. අධිකරණ නියෝගයක් නැතිව ජාතික රෝහලේ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කොහොම මේ වගේ වෛද්‍ය වාර්තා කැඳවන්නේ.

සාමාන්‍ය රෝගියෙකුට මේ වගේ වාර්තාවක් කැඳවන්න පුලුවන් ද?

බෑ ස්වාමීනි.

සැකකරුගේ නීතිඥවරුන්ගේ ඉල්ලීමට සිදුකරලා තියෙන්නේ මෙයයි.  මේ වෛද්‍ය වාර්තා එදා කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කරන්නේ පැමිණිල්ලටවත් ඉදිරිපත් කරන්නේ නෑ. එහෙම කොහොමද වෛද්‍යවරයෙකුගේ හෝ නිසි අධ්‍යයනයක් නැතිව පුද්ගලික වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ.

මේ වෛද්‍ය වාර්තා සැක සහිතයි ස්වාමීනී.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය. එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හැසිරීම ප්‍රශ්න සහගත බව ද ඔහු කියා සිටියේය.

“ ස්වාමීනී.  මම දැක්කාමයි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙක් බොරිස් ජොන්සන්ගේ පොතක් කියවනවා. මොන අයිසීයූ එකේ ද එහෙම පොත් කියවන්න පුලුවන් ලෙඩ්ඩු ඉන්නේ. දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ අසාධ්‍ය තත්ත්වයේ රෝගීන්. මෙම  සැකකරු රක්ෂිත බන්ධනාගාරගත වූ පසු එක පැයක් හිටියේ නෑ බන්ධනාගාරයේ. එච්චර අමාරු වෙලා තමයි මේ සැකකරු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇතුළත් කළේ.

මම දැකලා තියන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් නම් ට්‍රොලියේ වෛද්‍ය වාර්තා පපුව උඩ තියාගෙන වෙනත් වාට්ටුවකට යන්නේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඉඳලා දැඩි සත්කාර ඒකකයෙන්ම ටිකට් කපනවා කියලා මම නම් දන්නේ නෑ.

සාමාන්‍යයෙන් සිදුවන්නේ දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ගත් පසු  වෙනත් වාට්ටුවකට මාරු කර යවා පසුව තමයි ටිකට්  කපන්නේ. හැබැයි මේ  සැකකරු දැඩි සත්කාර ඒකකයෙන්ම ප්‍රතිකාර අරන් ටිකට් කපලා පිටව යනවා. පිටව යන්නේ නිකම් නෙමෙයි… වෛද්‍යවරු එක්ක හිනා වෙලා සෙල්ෆි අරන්.

මේවා මේ අහම්බෙන් ගත්ත ෆොටෝ නෙමෙයි. හිතා මතා ෆෝස් කරලා ගත්ත ෆොටෝ.  මම මේ ෆොටෝ දැක්කට පස්සේ තමයි දැනගත්තේ අයිසීයූ එකේ ෆොටෝ ෂූට් කරන්නත් පුලුවන් කියලා.

ඇප ලබා ගන්න මොහු මරණාසන්න රෝගියෙක් කියලා මතයක්  හැදුවා. අධිකරණ ක්‍රියාවලිය මං මුලා කරලා වැලි  ගහලා  තමයි මේ සැකකරුට ඇප ලබාගෙන තිබෙන්නේ.
ස්වාමීනී. මේ වෛද්‍ය වාර්තා ඉතාම සැක සහිතයි. මෙම වෛද්‍ය වාර්තා අධිකරණ වෛද්‍යවරයෙක් අතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂා කළ යුතුයි. විධිමත් වෛද්‍ය වාර්තාවක් කැඳවිය යුතුයි.” අතිරේක සොලිසිලිටර් ජනරාල්වරයා කීවේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29760,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් වික්‍රමසිංහ ඇප ලබා ගන්න ඉදිරිපත් කළ වාර්තා සැක සහිතයි… විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා පරීක්ෂා කරන්න… දිලීප පීිරිස් අධිකරණයෙන් ඉල්ලයි!
රනිල් වික්‍රමසිංහ ඇප ලබා ගන්න ඉදිරිපත් කළ වාර්තා සැක සහිතයි… විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා පරීක්ෂා කරන්න… දිලීප පීිරිස් අධිකරණයෙන් ඉල්ලයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYmN5-Y18Y-hwKK3DoiUSkdK9pD-gQazE6icmtFZsqjXQW7S9SWqgA1z1K1Ko1nOT9oaVkpEPzdy8qIPtaYCydT1Gk-3_w5EXIlOk96ic8gzvGWO3pXJQSAotVNCFm8tqWGBNmAWhrI4zalpJ2Xp0IgxdK0mYdaD79qsyK5TwAPcu_toGaJkHzaBC3mBIF/s320/dileepa-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYmN5-Y18Y-hwKK3DoiUSkdK9pD-gQazE6icmtFZsqjXQW7S9SWqgA1z1K1Ko1nOT9oaVkpEPzdy8qIPtaYCydT1Gk-3_w5EXIlOk96ic8gzvGWO3pXJQSAotVNCFm8tqWGBNmAWhrI4zalpJ2Xp0IgxdK0mYdaD79qsyK5TwAPcu_toGaJkHzaBC3mBIF/s72-c/dileepa-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy