මීට වසර 22කට පෙර, එනම් 2003 මැයි මස 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී එළියට පැමිණි අවස්ථාවේදී එම්.කේ රංජිත් නොහොත් ච...
මීට වසර 22කට පෙර, එනම් 2003 මැයි මස 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී එළියට පැමිණි අවස්ථාවේදී එම්.කේ රංජිත් නොහොත් චන්ඩි මල්ලි යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි දකුණු පළාත්සභාවේ හිටපු ඇමතිවරයාගෙ ඝාතනය පිලිබඳ කතා බහ නැවත කරලියට පැමිණෙන්නේ පසුගිය පෙබරවාරි මස 16 වැනිදා ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා විසින් යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.
විශේෂ අධි ආරක්ෂක කලාපයක් වශයෙන් නම්කර තිබූ පොලිස් මූලස්ථානය ඉදිරිපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි මාර්ගයේදී චන්ඩි මල්ලිව වෙඩිතබා ඝාතනය කිරීම එකල වඩාත් ආන්දෝලනයට ලක්වූ පුවතක් වූ අතර පසුව දේශපාලන වේදිකාවේ ජනප්‍රිය මාතෘකාවක්ද විය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වන එම්.කේ.අමිල නොහොත් චන්ඩි මල්ලිගේ දෙවැනි පුත්‍රයා ඊයේ යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් තම පියාගේ මරණය සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කළේය.
ඔහු පවසන්නේ 2001 වසරෙන් පසුව මහින්ද රාජපක්ෂ සහ තම පියා අතර යම් විරසකයක් ඇතිවූ අතර එහි දිගුවක් ලෙස තම පියා 2003 වසරේ ඝාතණය වීම දක්වා සැක සහිත සිදුවීම් ගණනාවක් සිදුවූ බවයි.
තම පියාගේ දකුණේ දේශපාලනය අවසන් කිරීමට චමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග ආදී පිරිසට අවශ්‍යව තිබූ බව පැවසූ එම්.කේ අමිල එම ඝාතනය සිදුවන බව ඔවුන් සියලු දෙනා දැනුවත්ව සිටි බවද පවසයි.
2003 වසරේදී නීතිවිරෝධී ගිනිඅවියක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් තම පියා අත්අඩංගුවට පත්වීමත් සෑම මසකම අවසන් ඉරිදා ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්සන් කිරීම සඳහා කැඳවීමත් තම පියා ඝාතන කුමන්ත්‍රනයේම අවස්ථා බවට තමා විශ්වාස කරනා බව ඔහු පවසයි.
තම පියාට CID වෙත ආරක්ෂා සහිතව රැගෙන යෑම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරක්ෂකයින් සමඟ ඩිෆෙන්ඩර් රථයක් ලබාදී තිබූ බවත් පියා ඝාතනය වූ දිනයේ එම ආරක්ෂක රථය ලබාදීම චේතනාන්විතවම මඟහැර තිබූ බවත් ඔහු පවසයි.
තම පියාගේ ඝාතනය දකුනේ පාතාල කල්ලියක් වූ රත්නවීර කල්ලිය හෝ එවකට ආණ්ඩුව විසින් සිදු කළා විය හැකි බවත් එසේ නොවේනම් ආණ්ඩුව විසින් සිදුකළ ඝාතනය රත්නවීර කල්ලිය විසින් භාරගත්තා විය හැකි බවත් එම්.කේ අමිල වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS