ගණේමුල්ල සංජීව ඝාතනයෙන් අනතුරුව තමන් මාස තුනක කාලයක් ප්‍රදේශ කීපයක තමන් සැඟවී සිටි බව ඉෂාර සෙව්වන්දි විසින් ප්‍රකාශ කර තිබේ. විමර්ශන නි...
ගණේමුල්ල සංජීව ඝාතනයෙන් අනතුරුව තමන් මාස තුනක කාලයක් ප්‍රදේශ කීපයක තමන් සැඟවී සිටි බව ඉෂාර සෙව්වන්දි විසින් ප්‍රකාශ කර තිබේ.
විමර්ශන නිලධාරීන්ට ඇය ප්‍රකාශ කර ඇත්තේ මතුගම ප්‍රදේශයේ පමණක් මාස එක හමාරකට අධික කාලයක් තමන් සැඟවී සිටි බවය.
මිද්දෙණියේ සැඟවී සිටි තමා යාපනයට පලා ගොස් දින කීපයකින් ඉන්දියාවට පලා ගිය ඇය ප්‍රකාශ කර තිබුණාය. ඉන්දියාවේ සති තුනකට ආසන්න කාලයක් රැඳී සිටි ඉෂාරා ඉන් පසු නේපාලයේ කත්මන්ඩු නුවරට පලා ගොස් තිබිණි.
කත්මණ්ඩු නුවර දි ගම්පහ බබා, ජේ.කේ.බායි සහ ජම්බුගස්මුල්ලේ බබි නැමැත්තන් හමුවී ඇතැයි ඇය විමර්ශන නිලධාරීන්ට පවසා ඇත. ඇය වැඩිදුරටත් කියා ඇත්තේ ජැෆ්නා සුරේෂ් තක්ෂි රැගෙන එහි පැමිණි බවය.
මේ කාල වකවානුවේ දී කෙහෙල්බද්දර පද්මේ ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි දැනගත් පසු පිරිස වෙන්ව සිටීමට තීරණය කර තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඉෂාරා පවසා ඇත්තේ ඝාතනයට යොදා ගත් ගිනි අවිය වෙඩික්කරුට ලබා දීම කෙහෙල්බද්දර පද්මේ සමග තිබූ හිතවත්කම මත පමණක් සිදුක ඇති බවය. ඒ සඳහා කිසිම මුදලක් ලබා නොගත් බව ද ඇය හෙළි කර තිබුණාය.
මීට පෙර ද ගණේමුල්ල සංජීව ගම්පහ අධිකරණයේ දී ඝාතනය කිරීමට තැත් කළ නමුත් එය සාර්ථක නොවූ බව ඇය පවසා ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.
COMMENTS