දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා... හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්!

යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව ඊයේ (10) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළේ...

යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව ඊයේ (10) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළේය.

අමාත්‍යවරයා හිටපු නිලධාරීන් සමග මෙන්ම දැනට පත්ව ඇති නිලධාරීන් සමග සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සෑහිමකට පත්විය හැකි විසඳුමක් ලබාදිය යුතු බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

දැනට ජාතික සම්මේලනය පැවැත්වෙන බවත් එම සම්මේලනයෙන් පසුව උද්ඝෝෂණ පැවැත්වීමට යන බවට තමාට ආරංචි බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,

“ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි.

ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා. මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා.

සමහර අය ව්‍යාපාරවල ඉන්නවා. මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා. ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.

දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.

මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි. මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසඳුමක් ලබා දෙන්න.

මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්.

එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි. මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි”

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා... හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්!
උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා... හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvqb6TsuSNedC0xu0UqgoZD5TYUm-kxsYxqP5UJiKp_7ae1G98DMzegyQvW7MQTt7PNXFuaOAnf9AiD0AkWkMqgf7kJS_q0E4HzTJF1lRW_La3kIKZl3M8IL-Fcd9jXH8XgM-ZZ9FI8eZ4jGxq3Snu9i76eE9Xk0GUZ_XlVsD6lUexC8eojNDKrAsMKsgl/s320/ranil.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvqb6TsuSNedC0xu0UqgoZD5TYUm-kxsYxqP5UJiKp_7ae1G98DMzegyQvW7MQTt7PNXFuaOAnf9AiD0AkWkMqgf7kJS_q0E4HzTJF1lRW_La3kIKZl3M8IL-Fcd9jXH8XgM-ZZ9FI8eZ4jGxq3Snu9i76eE9Xk0GUZ_XlVsD6lUexC8eojNDKrAsMKsgl/s72-c/ranil.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy