දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වැ.බ. පොලිස්පති පාතාල මර්ධන සීන් ගැන ලොරි ටෝක් දී ගියා පමණයි… යාපනයේ මැර කල්ලියක් එළිපිට මිනිස්සු කපන්න පටන් ගනී! (වීඩියෝ සහිතයි)

යාපනය නගරයේ මත්පැන් ශාලාවකට මුහුණු වසාගෙන කලු ඇදුම් වලින් සැරසුණු පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වී එහි සිටි පුද්ගලයින් කීප දෙනෙකුට පහර දී දෙද...

යාපනය නගරයේ මත්පැන් ශාලාවකට මුහුණු වසාගෙන කලු ඇදුම් වලින් සැරසුණු පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වී එහි සිටි පුද්ගලයින් කීප දෙනෙකුට පහර දී දෙදෙනෙකුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට තිබේ.

ඊයේ (04) සිදුවන මේ පහරදීම් හා කඩුවලින් කැපීමේ සිද්ධීන් නිසා තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනෙකු මේ වන විට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

එසේ තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනා දෙනා මත්පැන් පානය කිරීමට හා මිලට ගැනීමට වෙළෙඳසල වෙත රාත්‍රී කාලයේ පැමිණ සිටි පිරිස අතර සිටි අය වේ.

වැඩ බලන පොලිස්පතිවරයා යාපනයට පැමිණ අපරාධකරුවන් හා පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ පිරිස ඉතා ඉක්මනින් අත් අඩංගුවට ගන්නා බවට සහතික වී පැය දහයක් ගතවීමටත් පෙර මෙම සිදු වීම සිදුව තිබේ.

මෙම පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

කෙසේ වෙතත් සිය මත්පැන් හල තුළට කඩා වැදුණු පිරිසක් මෙලෙස හැසිරීමෙන් බියට පත් එම මත්පැන් ශාලා හිමියා සිය වෙලඳසල එම සිද්ධියෙන් පසුව මෙතෙක් යළි විවෘත කොට නොමැත.

මේ අතර මීට දින කීපයකට පෙර යාපනයේ තරුණයින් පිරිසක් නීතිය අතට ගෙන නගරය මැද සාදයක් පවත්වා මහමග ගමන් කරමින් සිටි පිරිසට ඉවක් බවක් නොමැතිව පහර දීමේ සිද්ධි දෙකක් දින දෙකකදී වාර්තා වුණි.
මේ සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පළාතේ තරුණයින් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ මේ වන විට අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔවුන් බීමත්ව බස් රථ රියදුරන්ට පහර දීම හෝටල් හිමියන්ගෙන් කෑම ඉල්ලා එය ලබා දීම ප්‍රතික්ෂේප කළ විට හෝටල් කුඩු කිරීම පාරේ යන එන පිරිසට පොලු වලින් පහර දී ඔවුන්ගේ මුදල් කොල්ලකෑම වැනි අපරාධ සිදු කරන්නට පටන් ගෙන තිබේ.

පොලීසිය හා ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක් යාපනයේ සිටියදී තරුණයින් පිරිසක් නීතිය ඔවුන් අතට ගෙන ඔවුන්ට කැමති ආකාරයට කටයුතු කිරීම පිළිබඳව යාපනයේ පොදු මහජනතාව දැඩි කනස්සලල්කට පත්ව සිටිති.

-දිනසේන රතුගමගේ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29137,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැ.බ. පොලිස්පති පාතාල මර්ධන සීන් ගැන ලොරි ටෝක් දී ගියා පමණයි… යාපනයේ මැර කල්ලියක් එළිපිට මිනිස්සු කපන්න පටන් ගනී! (වීඩියෝ සහිතයි)
වැ.බ. පොලිස්පති පාතාල මර්ධන සීන් ගැන ලොරි ටෝක් දී ගියා පමණයි… යාපනයේ මැර කල්ලියක් එළිපිට මිනිස්සු කපන්න පටන් ගනී! (වීඩියෝ සහිතයි)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk1UCZ8dGtonplKC-ytGWicAb37d1VWIqSNgxeRXY0PCzxr0fZwtg3MI14aVhUGu38ml79XaNG5pYSX3F5Dko_qgmPn4VMS2cDVnKJ5NgsDg-nlawamnpDXffiFPAjYKe455on0u9tJDdI3Uvmp9SKXdhv2vnYxGcXnFnDZNWaBfHyAX6hS96O65NcTbbB/s320/polis.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk1UCZ8dGtonplKC-ytGWicAb37d1VWIqSNgxeRXY0PCzxr0fZwtg3MI14aVhUGu38ml79XaNG5pYSX3F5Dko_qgmPn4VMS2cDVnKJ5NgsDg-nlawamnpDXffiFPAjYKe455on0u9tJDdI3Uvmp9SKXdhv2vnYxGcXnFnDZNWaBfHyAX6hS96O65NcTbbB/s72-c/polis.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/01/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/01/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy