හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
දේශීය ලංසුකරුවන් කිලෝවොට් පැයකට ඇමරිකානු ශත 4.88 ක් වැනි අඩු මිලකට මිලක් ඉදිරිපත් කර තිබූ අවස්ථාවක, අදානි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ඇමරිකානු ශත 8.26 ක් වැනි ඉහළ මිල ප්‍රමාණයකට මෙම ව්‍යාපෘතිය ලබා දීමට පසුගිය ආණ්ඩුව තීරණය කර තිබිණි.
එමෙන්ම මෙම බලාගාරය ඉදිකිරිම මඟින් අයහපත් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවත් මන්නාරම සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් වාසස්ථානයක් වීම මත වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය, සීමාසහිත පාරිසරික පදනම ඇතුළු බොහෝ පාරිසරික සංවිධාන ද ඊට විරෝධය පළ කර තිබිණි.
COMMENTS