දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැනඩෝරා පේපර්ස් හි නම ඇති නේපාලයේ කුප්‍රකට ප්‍රකෝටිපතියෙක් යුනියන් බැංකුව ගනී!
Homeප්‍රවෘත්ති

පැනඩෝරා පේපර්ස් හි නම ඇති නේපාලයේ කුප්‍රකට ප්‍රකෝටිපතියෙක් යුනියන් බැංකුව ගනී!

PropellerAds

බදුවලින් තොර රටවල් හරහා මුදල් විශුද්ධිකරණය කළ බව කියන ‘පැන්ඩෝරා පේපර්ස්’හි නම් කර ඇති නේපාල ප්‍රකෝටිපතියෙකුට අයත් සමාගමක් කොළඹ යූනියන් බැං...

බදුවලින් තොර රටවල් හරහා මුදල් විශුද්ධිකරණය කළ බව කියන ‘පැන්ඩෝරා පේපර්ස්’හි නම් කර ඇති නේපාල ප්‍රකෝටිපතියෙකුට අයත් සමාගමක් කොළඹ යූනියන් බැංකුවේ (Union Bank of Colombo) 70.84%ක් හෙවත් කොටස් මිලියන 768ක් හිමි කර ගැනීම සඳහා කොටස් විකුණුම් සහ මිල දී ගැනීම් ගිවිසුමක් අස්සන් තබා ඇති බවට විස්මිත හෙළිදරව්වකින් සොයාගෙන තිබේ.

2022 දෙසැම්බර් 1 වන දා කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන නියාමන නිලධාරිවරයා වෙත ලිපියක් යවමින් යූනියන් බැංකුව අනාවරණය කර ඇත්තේ, යූනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩලයට එහි පාලන කොටස් හිමි කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩිංග්ස් එහි එකම කොටස් හිමියා වන TPG Asia VI 5F පෞද්ගලික සමාගම 2022 නොවැම්බර් 30 වන දින CG Capital Partners Global Pte Ltd වෙත ඔවුන් සතු සම්පූර්ණ කොටස් විකිණීමට කොටස් විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ ඇති බව ය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, CG Capital Partners Global Pte Ltd සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි, එරට නීතිය යටතේ සංස්ථාපිත පෞද්ගලික සමාගමක් ලෙස හඳුන්වා තිබුණ ද, එම සමාගම පසුපස නේපාල ප්‍රකෝටිපතියෙකු වන බිනෝද් චෞද්‍රි සිටීම ය.

පැනමා පත්‍රිකා හෙළිදරව්ව

පසුගිය වසරේ නිකුත් කරන ලද පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇත්තේ, බිනෝද් චෞද්‍රි ඔහුගේ බිරිය සහ නිර්වාණ, වරුන්, රාහුල් යන ඔහුගේ පුතුන් තිදෙනාගේ නමින් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්හි සමාගම් ස්ථාපනය කර ඇති බවට ය.

එම වාර්තාවෙන් තවදුරටත් හෙළි කර තිබුණේ, චෞද්‍රි පවුල බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්හි Cinnovation Incorporated, CG Hotels and Resorts Limited සහ Sensei Capital Partners Inc යන සමාගම් ස්ථාපනය කර ඇති බවත්, සිංගප්පූරුවේ CG Capital Partners Global Pte Ltd සමාගම ස්ථාපනය කර ඇති බවත් ය.

නේපාලයේ එක ම ප්‍රකෝටිපතියාට මෙම ආයෝජන විදේශයන්හි පැවැත්වීමට අවසර නොමැති බව තහවුරු කළ බව නම හෙළි නොකළ නේපාල නිලධාරියෙකු උපුටා දක්වමින් අදාළ විමර්ශන වාර්තාව හෙළි කර තිබිණි.

ANI පුවත් සේවය වාර්තා කළ පරිදි, “අදාළ විමර්ශන වාර්තා නිරීක්ෂණය කළ නේපාලයේ හිටපු මුදල් ලේකම් රාමෙෂෝර් ඛනාල් පැවැසුවේ, නේපාල වැසියන්ට මුදල් රටින් බැහැරට ගෙන යාමට අවසර නොමැති බවට වන පනවා ඇති නීති චෞද්‍රි විසින් අවභාවිත කරනු ලැබ ඇතැයි පෙනී යන බව ය.

“පැන්ඩෝරා පේපර්ස්හි චෞද්‍රි පවුලේ සාමාජිකයන් සහ හවුල්කරුවන් අතර සමාගම් ලිපි හුවමාරු කිරීම්, කොටස් සහ මුදල් හුවමාරු කිරීම් සහ වෙනත් ගනුදෙනු පිළිබඳ විස්තර තිබේ. එහි සඳහන් කර ඇති සමහර නම් පකිස්තාන්, සිංගප්පූරු, ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ ජාතිකයන්ගේ නම් වේ.”

දේශපාලනික වශයෙන් නිරාවරණය වූ පුද්ගලයෙක්

මෙම ගැටලුව තවත් ආකූල තත්ත්වයකට පත්වන්නේ, බිනෝද් චෞද්‍රි දේශපාලනික වශයෙන් නිරාවරණය වූ පුද්ගලයෙකු වීම නිසා ය. ඔහු නේපාල කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන අතර මෑතකදී නේපාලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඔහු පත් කෙරිණි.

මීට පෙර, 1990දී ඇති වූ පළමු ජනතා ව්‍යාපාරයේදී, ඔහු නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයේ – එක්සත් මාක්ස්වාදී ලෙනින්වාදී පක්ෂය ඇතුළු පාර්ලිමේන්තු පක්ෂවලට සමීප විය. 1994දී ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම සඳහා ඔහු ක්‍රියා කර තිබේ. මේ හරහා ඔහුට ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු බවට පත්වීමට 2008 වසරේදී අවස්ථාව උදා විය.

ආරංචි මාර්ගවලට අනුව, යූනියන් බැංකුවේ කොටස් මිල දී ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ගෙවීමට චෞද්‍රි එකඟ වී ඇති අතර යූනියන් බැංකුවේ හිටපු සභාපති තිලක් ද සිල්වාට සම්බන්ධ ව්‍යාපාර සහ ශ්‍රී ලංකාවේ විනෝදාත්මක ක්ෂේත්‍රයට අදාළව මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ආයෝජනය කර තිබේ.

කෙසේ වෙතත්, CG Group සමාගම විසින් යූනියන් බැංකුවේ කොටස් හිමි කර ගැනීම හරහා ශ්‍රී ලංකාව යළිත් වරක් මුදල් විශුද්ධිකරණ අළු ලැයිස්තුවට වැටෙනු ඇති බවට ත්, ජාත්‍යන්තර නියාමකයන්ගේ අවමානයට ලක්වනු ඇති බවටත් පාර්ශ්ව රැසක් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ බැංකු ක්ෂේත්‍ර පද්ධතිය ම ගැටලුවලට හේතු විය හැකි, ශ්‍රී ලංකාවේ යූනියන් බැංකුවේ බහුතර කොටස් මිල දී ගැනීම පසුපස ඇති චෞද්‍රිගේ චේතනාවන් මොනවාද යන්න පැහැදිලි නැත.

එසේ ම, දේශපාලනික වශයෙන් නිරාවරණය වූ පුද්ගලයකු ලෙස, ඔහු යූනියන් බැංකුවේ ගිණුම් විවෘත කිරීමට සහ උපයා ගත් කොමිස් මුදල් හරහා දේශපාලනිකව නිරාවරණය වූ වෙනත් පුද්ගලයන්ගෙන් මුදල් රැගෙන යෑමට බලපෑම් කළ හැකි බවටද අවධානය යොමු වී තිබේ.

පැන්ඩෝරා පත්‍රිකාවලට පසුව My Republica විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය වූයේ, චෞද්‍රි පවුල 2020 පෙබරවාරි මස 3 වන දා රටවල් 50ක සමාගම් 122ක සහ සන්නාම 76ක ආයෝජනය කර ඇති බව ය. “චෞද්‍රි විදේශ රටවල ප්‍රාග්ධනය සංසරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ප්‍රශ්න මතුකර ඇතත්, පාලක ආයතන ඒ සම්බන්ධයෙන් නිහඬව සිටියි.”

අමෙරිකාව පදනම් කර ගත් ආයතනයක්

යූනියන් බැංකුවේ පාලක කොටස් හිමිකරු වන කේමන් අයිලන්ඩ්ස්හි කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩිංග්ස්හි කොටස් හිමිකරු TPG Asia VI SF Pte Ltd සමාගම, 2014 වසරේදී යූනියන් බැංකුවේ කොටස් 70%ක් රුපියල් බිලියන 15කට මිලදී ගැනීමට ගිවිසුමකට එලඹී තිබේ.

TPG Asia VI SF Pte Ltd යනු ඇමරිකාව පදනම් කර ගත් TPG සමාගමේ ආසියානු ආයෝජන වෙනුවෙන් පිහිටුවා ඇති සමාගමයි.

කෙසේ වෙතත්, යූනියන් බැංකුවේ කොටස් 75%ක් හිමිකර ගැනීමට සහ එය වසර 15කට පසු 15%ක් දක්වා අඩු කිරීම තහවුරු කිරීමටත් කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩිංග්ස් සමාගම වෙනුවෙන් යූනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගෙන තිබේ.

එහෙත්, අවුරුදු 8ක් ගත වෙද්දී, අමෙරිකාව පදනම් කර ගත් සමාගමකට අයත් කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩිංග්ස් සමාගම, තවත් අක්වෙරළ සමාගමකට එහි කොටස් විකිණීම සඳහා ගිවිසුමකට අස්සන් තබා තිබේ. එය නීත්‍යනුකූල ද?

එබැවින්, ගැනුම්කරුගේ සැක සහිත කීර්තිය සැලකිල්ලට ගෙන, බැංකුවක ගැනුම්කරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමේ වගකීම එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයක් වන TPG වෙතද පැවරිය යුතුය.

මේ පිළිබඳව අදහස් පළ කරන පාර්ශ්ව පෙන්වා දෙන පරිදි, ඔවුන්ගේ ආයෝජනවලින් ඉවත්වීම පමණක් සැලකිල්ලට ගෙන බැංකුවක බහුතර කොටස් සරලව විකුණා දැමීමට වත්මන් කොටස් හිමිකරුට හැකියාවක් නැත. එමෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූල වන බවටද ඔවුන් වග බලා ගත යුතු ය.

එමෙන් ම, අමෙරිකානු සමාගම් දේශපාලනික වශයෙන් නිරාවරණය වූ පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීම තහනම් කරමින් පනවා ඇති යහපාලන මාර්ගෝපදේශ, පාරිසරික, සමාජයීය සහ පාලන වගකීම් මෙන්ම විදේශ දූෂණ පිළිවෙත් පනත (Foreign Corrupt Practices Act) TPG සමාගම උල්ලංඝනය කර ඇති බවට ද ප්‍රශ්න මතුවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බැංකුවක කොටස් මිල දී ගන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලු බැංකු කටයුතු පිළිබඳව උත්තරීතර නිරීක්ෂකයා වන ශ්‍රී ලංකා මහ බැංකුවද දැඩි අවධානයක් යොමු කළ යුතුය.

විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව, සිංගප්පූරුවේ CG Group සමාගමේ එකම කොටස් හිමිකාර සමාගම CG Corp නමැති පැනමාහි ඇති සමාගමකි. “පැනමා සමාගම පිළිබඳ තවදුරටත් සැලකිලිමත් විය යුතු අතර මහ බැංකුව ද එම ආයතනය පිළිබඳව වඩාත් විස්තරාත්මකව සොයා බැලිය යුතුය. පැනමාවේ CG Corp නිල කොටස් හිමිකරුවෙකු නොමැති,” බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂඥයන් පවසන පරිදි, එම ආයතනය 2015 වසරේදී CG Corp යනුවෙන් නම වෙනස් කර තිබේ. ඒ වෙනුවෙන් නිකුත් කර ඇති කොටස් සහතිකවල දැක්වෙන්නේ, ‘කොටස් දරන්නා’ යනුවෙනි. කොටස් දරන්නා යන්න තවදුරටත් පොදු භාවිතයේ නැත. එහි අදහස සමාගමේ කොටස් හිමිකරු වන්නේ, ‘සහතික පත්‍රය දරන්නා’ යන්නය. තාක්ෂණික අර්ථයෙන් ගත් කල ඕනෑ ම අයෙකුට මෙම සමාගම හිමි කරගත හැකි ය. මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇති සෑම මුදල් විශුද්ධිකරණ විරෝධී රෙගුලාසියකටම පටහැනි වේ. ශ්‍රී ලංකාව හමුවේ ඇති අවදානම වන්නේ, අදාළ බැංකුවේ උත්තරීතර ප්‍රතිලාභී හිමිකරු කවුද යන්න නොදැන සිටීමය. එහි හිමිකරු බිනෝද් ද? වෙනත් අයෙක් ද?

ඊටත් වඩා සැලකිලිමත් විය යුත්තේ, යූනියන් බැංකුව ශ්‍රී ලාංකේය පුද්ගලයන්ගේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ ආයතනික තැන්පත්කරුවන්ගේ අරමුදල් දරන අතර UB ෆිනෑන්ස්හි බහුතර කොටස් හිමිකාරිත්වය දරන හෙයිනි.

නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයට TKS Finance, The Finance Company PLC, ETI Finance Limited, Central Investments & Finance Limited වැනි අසාර්ථක මූල්‍ය සමාගම් යළි ඇතිවීම අවශ්‍ය වී ඇතිදැයි සැකයක් උපදී.

අසමත් බැංකුවක් රටේ සම්පූර්ණ බැංකු පද්ධතියට ම බලපෑ හැකි අතර බැංකුවක බහුතර කොටස් සැකසහිත විදෙස් සමාගමකට විකිණීමෙන් ඇතිවිය හැකි අවදානම වඩාත් බරපතළ බව දැන ගැනීම අතිශයින් වැදගත් ය.

– Mawbima
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැනඩෝරා පේපර්ස් හි නම ඇති නේපාලයේ කුප්‍රකට ප්‍රකෝටිපතියෙක් යුනියන් බැංකුව ගනී!
පැනඩෝරා පේපර්ස් හි නම ඇති නේපාලයේ කුප්‍රකට ප්‍රකෝටිපතියෙක් යුනියන් බැංකුව ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN7ZrLw37wDQkTtWv9ssbIhe9RGWcIFRKx0qdO6pz2qwFN_reKdUMRQsAE3Ja9nHnTf2R4W2qVOoAWDzS4fnOk5F2iC0Zqdt007J9xUSqvXQoJu4fiEP6aQr71ZWVxvanJwmMApAi3GncoTUrjiGYHVtdOODurD6EL1lRpYGNCEfDNsJ1qbSY4lw/s320/panadora.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN7ZrLw37wDQkTtWv9ssbIhe9RGWcIFRKx0qdO6pz2qwFN_reKdUMRQsAE3Ja9nHnTf2R4W2qVOoAWDzS4fnOk5F2iC0Zqdt007J9xUSqvXQoJu4fiEP6aQr71ZWVxvanJwmMApAi3GncoTUrjiGYHVtdOODurD6EL1lRpYGNCEfDNsJ1qbSY4lw/s72-c/panadora.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy