දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති රනිල් වහා ඉල්ලා අස්වනු... දිවි හිමියෙන් මව්බිම රකින්න සූදානම් – ජානිපෙ
Homeප්‍රවෘත්ති

අගමැති රනිල් වහා ඉල්ලා අස්වනු... දිවි හිමියෙන් මව්බිම රකින්න සූදානම් – ජානිපෙ

PropellerAds

අප මේ ගත කරමින් සිටිනුයේ අප මාතෘභූමියේ ස්වෛරිත්වයේත් නිදහසේත් අවසන් හෝරාව වන්නට බොහෝදුරට ඉඩ තිබේ .එබැවින් එකී බිහිසුණු ඉරණමෙන් මව්බිම ගලවා...

සජිත් වෙනම පක්‍ෂයකින් ඉල්ලුවොත් එජාපයෙන් ඉවත් කරනවා..- ජෝන්
ජනපති ධුර කාලය ඇරඹෙන්නේ කවදාද.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ලේඛණ සූදානම්.. ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..
සජිත්ට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නැයි රනිල්ගේ දෙපා මුල වැද වැටී ඉල්ලයි..
අප මේ ගත කරමින් සිටිනුයේ අප මාතෘභූමියේ ස්වෛරිත්වයේත් නිදහසේත් අවසන් හෝරාව වන්නට බොහෝදුරට ඉඩ තිබේ .එබැවින් එකී බිහිසුණු ඉරණමෙන් මව්බිම ගලවාගැනීම ලක්මතාවගේ සුජාත දූ දරුවන්ගේ පරම වගකීම හා යුතුකම බව අපි අවධාරණය කරමු.

අදූරදර්ශී , අමනෝඥ, උද්දච්ච රාජපක්ෂ පාලනය මගින් තත්වානුකූලව නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙන් පියවරෙන් පියවර උත්සන්න කළ ආර්ථික අර්බුදය මත පැන නැගුණු දේශපාලන අර්බුදය විසින් 69 ලක්ෂයේ ඓතිහාසික ජනවරමින් ජනාධිපති වරම් ලද ගෝඨාභය රාජපක්ෂට සිය ධුර කාලයෙන් අඩක්වත් සම්පූර්ණ කිරීමට මත්තෙන් ජනාධිපති ධුරය අත් හැරීමට සිදු වූවා සේම සිය උපන් බිමෙන් ද පලා යන්නට සිදුව තිබේ.

එසේම එකී අර්බුදයෙන් ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක් අසුනක් හෝ දිනාගැනීමට අසමත් වූ එක්සත් ජාතික පක්ෂ නායක, පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සදාචාර විරෝධී ලෙස අග්‍රාමාත්‍ය ධුරය හරහා මේ වනවිට වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්ව ඇත . මේ තත්ත්වය ශ්‍රී ලංකාව තවතවත් අර්බුදයෙන් අර්බුදයට ගෙන යමින් තිබේ. මෙමඟින් ශ්‍රී ලංකාව රැගෙන යමින් තිබෙනුයේ රාජපක්ෂ ආණ්ඩුව තුළ හා ඉන් පිටත සිට ක්‍රියාත්මක වූ අන්තර්ජාතික බලවේගවල ඒජන්තයන්ට හා උන්ගේ ස්වාමීන්ට උවමනා ඉසව්ව වෙතය. එකී ඉසව්ව වූ කලී ආසියාවේ ලිබියාව හෝ ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය මිස අන් කිසිවක් නොවේ.

මෙකී බිහිසුණු තත්වයෙන් ශ්‍රී ලංකාව ගලවාගැනීම සෑම සියලු ලාංකීය පුරවැසියෙකුගේ අතහැරිය නොහැකි වගකීම හා යුතුකම බව අපි නැවත නැවතත් අවධාරණය කර සිටිමු.

එබැවින් මෙම තීරණාත්මක මොහොතේ තම තමන්ගේ පටු දේශපාලන හෝ වෙනත් අරමුණු පසෙකලා සියලු බෙදීම් හා බිඳීම් සමනය කොටගෙන ලාංකීය භූමියේ ස්වෛරීත්වයත් දිනූ නිදහසත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා සාමකාමී පැවැත්මත් වෙනුවෙන් පෙරට එන ලෙස අපි ලක්මවට ආදරය කරන සියලු ලාංකීය දූ පුතුන්ට ආයාචනා කර සිටිමු.

එමෙන්ම එහි ප්‍රථම පියවර ලෙස ජාතික හා ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි සර්වපාක්ෂික හා අන්තර්කාලීන ආණ්ඩු යාන්ත්‍රණයක් පිහිටුවීම පිණිස ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තවත් මොහොතකදු පමානොකොට ගරු කථානායකතුමාට යොමු කරන ලෙස අපි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිමු. එසේම කතානායකවරයාට වැඩබලන ජනාධිපති ලෙස පත්වීමට අවකාශ සැලසෙන පරිදි අග්‍රාමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද අපි ඉල්ලමු .

මේ අනුව දැනටමත් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ ඒකමතික යෝජනාවෙන් සම්මතව ක්‍රියාත්මක වීමට නියමිත නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ න්‍යාය පත්‍රයට බාධා වන කිසිදු ක්‍රියාකාරීත්වයකින් වළකින ලෙස අපි අරගලයේ නියැලී සියලු කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටිමු. තවදුරටත් මව්බිමේ ස්වෛරීත්වය, නිදහස හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, සාමකාමී පැවැත්ම වනසා ලාංකීය භූමිය අන්තර්ජාතික බලවේගවල දඩබිමක් බවට පත් කිරීමට වෑයම් කරන සියලු කල්ලි කණ්ඩායම් විසින් සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචණ්ඩකාරී හා විනාසකාරී සියලු ක්‍රියාදාමයන් මැඩ පැවැත්වීමට දෙවරක් නොසිතා පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙතින් අපි ඉල්ලා සිටිමු.

එසේම මෙවැනි අඳුරු බිහිසුණු තත්ත්වයකට අප සදාදරණීය මාතෘභූමියත් සහෝදර ලාංකීය ජනතාවත් පත්වීම වළක්වා ලීම සඳහා පුළුල් ලෙස මුළුමහත් සමාජයම දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස පූජ්‍ය /පූජක පක්ෂයෙන් ද සියලු දේශපාලන පක්ෂවලින් ද බහුජන සංවිධානයන්ගෙන් ද දැනඋගත් සියලු පුරවැසියන්ගෙන් ද අපි දැඩිව ඉල්ලා සිටිමු. අපි දිවිහිමියෙන් මව්බිමේ ස්වෛරීත්වයත් නිදහසත් වෙනුවෙන් කැප වන්නෙමු.

ජාතික නිදහස් පෙරමුණ,
දේශපාලන මණ්ඩලය,


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති රනිල් වහා ඉල්ලා අස්වනු... දිවි හිමියෙන් මව්බිම රකින්න සූදානම් – ජානිපෙ
අගමැති රනිල් වහා ඉල්ලා අස්වනු... දිවි හිමියෙන් මව්බිම රකින්න සූදානම් – ජානිපෙ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8CP0w4pJ9wbWqq31fI0vgGTmWbxayS3_qc6KsEC4rHKxD6318OokQRsGMFZYV0w9zgDQtzDE94s7ZcCBGxnYKyALyv3q9weyeXt4V_InIyeuKVBdGS2Vs1b9D9VcTMEek84wtaFrvO2ypAngreCrulXgh8gi9SpJ9Vd7UMpyA3pI2FAXB-u5cJFC5PA/s320/wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8CP0w4pJ9wbWqq31fI0vgGTmWbxayS3_qc6KsEC4rHKxD6318OokQRsGMFZYV0w9zgDQtzDE94s7ZcCBGxnYKyALyv3q9weyeXt4V_InIyeuKVBdGS2Vs1b9D9VcTMEek84wtaFrvO2ypAngreCrulXgh8gi9SpJ9Vd7UMpyA3pI2FAXB-u5cJFC5PA/s72-c/wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy