රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළේය. බොරැල්ලේ පල්ලියක තිබ...
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළේය.
බොරැල්ලේ පල්ලියක තිබී සොයාගන්නා ලද අත් බෝම්බය සම්බන්ධයෙන් අගරදගුරු තුමන්ගේ හැසිරීම පිළිබඳ අමාත්‍යවරයා මෙසේ විවේචනයට ලක් කළේය.
පොලිසියට පොලිසිය වැඩ කරන හැටි උගන්වමින් සිටින බවත් ආණ්ඩුවට ආණ්ඩු කරන හැටි උගන්වමින් සිටින බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.
උදෑසන පොලිස් පරීක්ෂණ ආරම්භ කල පසු හවසට පරීක්ෂණ හොඳ නැතැයි ද චෝදනා එල්ල කරන බවද පැවසූ අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය ද වත්මන් ආණ්ඩුව සිදු කළ ආකාරයට චෝදනා එල්ල කරමින් සිටින බවද කියා සිටියේය.
තමන් මෙය මෙම ප්‍රකාශයක් සිදුකිරීමට බයක් නැති බව ද අමාත්‍යවරයා කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

COMMENTS