රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් ගෙන යන වැඩවර්ජනය ඉතාම අසර්ථක වී තිබෙන අතර ඊයේ දිනයේදී එක් ඉල්ලීමකට සීමා වී තිබුණු වර්ජනය මේ වන විට...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් ගෙන යන වැඩවර්ජනය ඉතාම අසර්ථක වී තිබෙන අතර ඊයේ දිනයේදී එක් ඉල්ලීමකට සීමා වී තිබුණු වර්ජනය මේ වන විට ඉල්ලීම් 07ක් දක්වා වැඩිකරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
බෙල්ලන මහතා මේ බව සඳහන් කළේ ඊයේ දිස්ත්‍රික්ක 05කට සිමා වී තිබුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය අද දවසේදී දීප ව්‍යාප්තව සිදුකිරීම ගැන මාධ්‍යයට අදහස් දක්වමිනි.
කෙසේවෙතත් එම මාෆියා සංවිධානය පෝෂණය කළේ වත්මන් ආණ්ඩුව වන අතර සෞඛ්‍ය ඇමැතිනියගේ ආසාර්ථක පාලනය හේතුවෙන් එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට බවද බෙල්ලන මහතා කියා සිටියේය.
මෙවැනි වැඩකට නැති වර්ජන සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ දිය යුතු නැති බවයි ඔහු පැවසුවේ.
වෛද්‍යවරුන්ගේ සුබසාධනය වැනි ප්‍රශ්නයක් ගැන වැඩ වර්ජනය කරන්නේ නම් ඒ ගැන සිතා බැලිය හැකි වුවත් මෙවැනි වැඩවර්ජන සිදු කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ගිලිහෙන ආධිපත්‍ය රැකගැනීමට බවද වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කරන ලදී.
ඊයේ දිනයේදී ද තෝරා ගත් දිස්ත්‍රික්ක 05ක වැඩවර්ජනයක් කළද සියලුම වාට්ටු, සායනික කටයුතු වැනි රෝහල් සේවා සිදු වූ බවත් සේවයට වාර්තා කර නොතිබුණේ 5%ක් වැනි සුළු පිරිසක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඒවා නිසි ලෙස වාර්තා කිරීමට බලධාරීන් විසින් මාධ්‍යට ඉඩ දිය යුතු බවයි බෙල්ලන මහතා කියාසිටියේ.
''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සහ කරන්නේ අලුත් පත්වීම් ලැබ එන 500 දෙනාගේ සමජිකත්වයත් ඩැහැගැනීමට.දැන් වෛද්‍යවරු අතරේ අලුත් සංගම් 07 විතර හැදිලා තියෙනවා. ඔවුන් උත්සහ කරනවා වෛද්‍යවරු නිවැරදි මාවතට ගන්න. ඔය සංගමයේ සභාපතිවරයාගේ නමට උසාවියේ වාරණ නියෝගයක් තියෙනවා. එය ක්‍රියාකාරී කමිටුවටත් අදාළයි.අපි කියන්නේ මේ රටේ විධායක බලය තියෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා. අධිකරණ අමාත්‍යාංශයක් තිබෙනවා. නීතියක් තිබෙනවා.එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරලා මේ මාෆියා සංවිධාන බිඳ දමන්න ඕනේ. කොහොමත් ඔය ස්ට්‍රයික් එක කරන්න බැහැ. ඕක අද හවස වෙද්දී අතහරින බව කියනවා. එහෙම නොවුණොත් මටත් වෘත්තීය සමිති දැනුම අලුත්වැඩියා කරගන්න වෙනවා.'' යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වන ලදී.
COMMENTS