දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොක්කා නග්ගගත්තට අපිට කමක් නෑ - අපි ගැහුවොත් ගහන්නේ වෙන විදියකට - මෛත්‍රී (video)
Homeප්‍රවෘත්ති

ලොක්කා නග්ගගත්තට අපිට කමක් නෑ - අපි ගැහුවොත් ගහන්නේ වෙන විදියකට - මෛත්‍රී (video)

PropellerAds

වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගැසීමට අකමැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවේදී කෘෂ...

ජාතික තව්හීත් ජමාත් සමග අපි සම්බන්ධ නෑ - ලංකා තව්හිද් ජමාත්
"ප්‍රහාරයක් ගැන පොලිස්පතිට කලින්ම කිව්වා - ඡායාරූපත් දුන්නා" - අසාද් සාලි සියල්ල හෙළි කරයි
දෝෂාභියෝගයක් : ජනපතිට එරෙහි එජාප චෝදනාවලට පිළිතුරු අද !
වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගැසීමට අකමැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

තමන්ගේ මට්ටම්වලට ගැලපෙන ලෙස කතා කළයුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා,

"මටත් අයිතියක් තියෙනවා කථානායකතුමනි හිටපු ජනාධිපති විදියට මාව එල්ල කරලා යම්කිසි දෙයක් කියනවා නම්, එයට පිළිතුරු දෙන්න. අපි නම් ගැහුවොත් ගහන්නේ නෑ. ගැහුවොත් අනුකම්පා කරනවා. ගහගන්න ජාතියේ මිනිස්සු නෙමෙයි අපි. අපි ගැහුවොත් ගහන්නේ ඔය කියන විදියට නෙමෙයි ගහන්නේ වෙන විදියකට. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය අරගෙන ජනතාවට දෙන්නේ මම අනවශ්‍ය වියදම් කළා කියලා. එක එක වැය ශීර්ෂ කිහිපයක් මගේ කාලේ ඒවා කිව්වා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න. ඒ මොකද මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමන් බිමන් ගියපු හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙළිකොප්ටර් පාවිච්චි කරපු හැටි, ඒවාට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා. 

මම එක බොහොම පැහැදිලිව කියන්න ඕන. එක නිසා ඔය ගහගන්න ගියොත්, කිව්වනේ ඕනනම් ගහගමු අපිත් ගහන්නම් කියලා. ගහගන්න ගියොත් මොන මොන විදියේ තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙන්න පළවෙනි මැතිවරණයේදී සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමඟ ගිහිල්ලා කඩාගත්තා. ඒ නිසා මේ තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹූරින් සහ සංකීර්ණව හා බුද්ධිමත්ව හිතන්න ඕනේ. මීට වඩා බහුශ්‍රැතව හිතන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍ර‍ීවරු 14 දෙනාගේ අතේ. ඒ නිසා ගහගත්තාම තියෙන ප්‍රතිඵලය මීට පෙර පැවති ආණ්ඩු අවුරුදු 50 - 60ක කාලය තුළ ඔප්පු කරලා තියෙනවා ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තාම මොකද වෙන්නේ කියලා.

පොදුජන පෙරමුණ සහ මිත්‍ර පක්ෂ 11 එකතුවුණ ආණ්ඩුවක් මේක. ඒ නිසා අපිටත් බොහෝම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට ගහ ගන්න බැහැ අපි හරිම අහිංසක මිනිස්සු. මහින්දානන්ද ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ  දුමින්ද දිසානායක ඇමතිතුමා එක්ක කියලා තිබුණා, දුමින්ද දිසානායක ඇමතිතුමා මට හවස කිව්වා, දුමින්ද ඇමතිතුමා ඇහුවලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් "මොකද් මේ වාහන පාවිච්චි කළා කියලා මේවා මේ වැඩක් නැති දේවල් නේ" කියලා.  එතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තියෙන පිළිතුර තමයි දන්නේ නැද්ද දුමි අපි අපේ ලොක්කා නග්ගන්න මොනවා හරි කියන්න එපැයි කියලා. ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නේ නැතුව ලොක්කා නග්ගන ක්‍රම ඕන තරම් තියෙනවා නේ. අපිත් ඒ ලොක්කා එක්කනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා මීට වඩා සංවරව මීට වඩා ආචාරශීලි ලෙස ආණ්ඩු පක්ෂය තුළ ප්‍රශ්න හදාගන්නේ නැතුව කටයුතු කරන්න. අපි ඒ මිත්‍රත්වය තියා ගමු. අපි පහළට වැටෙන්න ඕනේ නෑ. මහින්දානන්ද ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක් දයාසිරි ජයසේකර මහත්තයා හිටපු මහඇමතිවරයෙක් ඒ නිසා අපේ මට්ටම්වලට ගැළපෙන විදියට කටයුතු කරමු."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොක්කා නග්ගගත්තට අපිට කමක් නෑ - අපි ගැහුවොත් ගහන්නේ වෙන විදියකට - මෛත්‍රී (video)
ලොක්කා නග්ගගත්තට අපිට කමක් නෑ - අපි ගැහුවොත් ගහන්නේ වෙන විදියකට - මෛත්‍රී (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjg0HvJuaDFtoIoXdqSPzXGYp8wDKunjJUAkjmzNWIsohtq8N9yh2C_6NwMycj5p4JDb9XZezVP3OnZ2H-HnGpslS6dH53vjcSPCRJhi9GhOB2J8WzkoIos-qFNhha7cerhJe3eAonjotmB/s320/kkoil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjg0HvJuaDFtoIoXdqSPzXGYp8wDKunjJUAkjmzNWIsohtq8N9yh2C_6NwMycj5p4JDb9XZezVP3OnZ2H-HnGpslS6dH53vjcSPCRJhi9GhOB2J8WzkoIos-qFNhha7cerhJe3eAonjotmB/s72-c/kkoil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/video_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/video_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy