ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා (02) පැවැත්වීමට නියමිතය. පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා (02) පැවැත්වීමට නියමිතය. පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මධ්‍යම කාරක සභා රැස්වීම අතිශය තීරණාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර මතගැටුම් රාශියක් ඇතිව තිබෙන අතර පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් දෙපාර්ශ්වයේ සාමාජිකයන් එකිනෙකාට වාග් ප්‍රහාර, චෝදනා එල්ල කරනු දක්නට ලැබිණි.
බ්‍රහස්පතින්දා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවට පක්ෂය තුළ තිබෙන මතවාදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වනු ඇති බවයි වාර්තා වන්නේ.
COMMENTS