ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය දිනවලට මහව සහ ලාහුගල යන ප්‍රාදේශීය සභාවන්හි අයවැය පරාජයට පත්ව තිබුණු අතර රැල්ලටම යමින් ඊයේ (24) දිනයේදී කත...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය දිනවලට මහව සහ ලාහුගල යන ප්‍රාදේශීය සභාවන්හි අයවැය පරාජයට පත්ව තිබුණු අතර රැල්ලටම යමින් ඊයේ (24) දිනයේදී කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැය තුන්වැනි වරටත් පරාජයට පත්ව තිබිණි.
මේ අතර රාජපක්ෂලාගේ බලකොටුව වන හම්බන්තොට නගරසභාවේ අයවැය ජයග්‍රහණය කිරීමට එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නගරාධිපතිවරයාට හැකිවී තිබේ. එහි ඇති විශේෂත්වය වන්නේ අද පොහොට්ටුවට හේත්තු වී සිටියත් එරාජ් නගර සභාවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වීමය.
හම්බන්තොට නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ බලය රැකුණේ එරාජ් ශ්‍රීලනිපයේ වීම නිසාය.
එරාජ් රවීන්ද්‍ර යනු කුප්‍රකට මැරයෙකි. 2014 වසරේදී හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට පන්න පන්නා පහරදුන්නේ ඔහු විසින් මෙහෙයවූ මැර කණ්ඩායමකි. පිස්තෝලයක් ද රැගෙන ඔහු ඊට පුද්ගලිකවම සහභාගී විය. පසුකලෙක නීතිමය කටයුතු සිදුවෙද්දී ඔහු පැවසුවේ එය සෙල්ලම් පිස්තෝලයක්ය කියාය. කෙසේවෙතත් මේ ප්‍රශ්නයෙන් බේරීම සඳහා පසුගිය රජය සමය වනවිට ඔහු සිටියේ එම රජයේ පාර්ශ්වකරුවෙකු වූ ශ්‍රීලනිපය සමගය. ආණ්ඩු පෙරළියෙන් පසුව වත්මන් ආණ්ඩුවේ හයියත් ඇඟට ගත් ඔහු කොළඹ ඉඩම් ඇල්ලීමේ මැරකම් වලට පවා පැමිණෙන ආකාරය පසුගිය දිනවල දැකගත හැකිවිය.
පොහොට්ටුවට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පෝලිමට පරදිද්දී හම්බන්තොට ජයගැනීමට හැකිවුණේ එරාජ් ශ්‍රීලනිපයේ නිසා බව ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර මහතා සහ මහින්ද අමරවීර මහතා ද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය. "මිනිහාත් පොහොට්ටුවේ වුණා නම් හම්බන්තොටත් පරාදයි" යනුවෙන් ඔවුන් ප්‍රකාශ කර තිබුණු බවයි ආරංචිමාර්ග පැවසුවේ.
මේ පවතින තත්වය යටතේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මේ වනවිට මීළඟ පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවටම හේත්තු වෙනවාද, ශ්‍රී ලනිපයෙන් තරග කරනවාද යන්න පිළිබඳ දෙලොවක් අතර කල්පනා කරමින් සිටින බවත් වාර්තා විය.
-lankanewsweb
COMMENTS