ලබන දෙසැම්බර් 03 වැනිදා සිට 05 වැනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එ...
ලබන දෙසැම්බර් 03 වැනිදා සිට 05 වැනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබී ඇතැයි වාර්තා වේ.
දෙසැම්බර් 05 වැනිදා වික්‍රමසිංහ මහතා එම සමුළුව ඇමතීමට නියමිත බවද පැවසේ.
එම සමුළුවේ මෙවර තේමාව වන්නේ ''පරිසරය, ආර්ථිකය, වසංගතය'' යන්නයි.
ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දීම කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.
වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර ඔහු 2016 සිට 2019 දක්වා කාලයේ එම ධුරය දරා තිබේ.
වික්‍රමසිංහ මහතා සහභාගී වන මේ සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය වී. බාලක්‍රිෂ්ණන් මහතා ද සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.
COMMENTS