දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්
Homeප්‍රවෘත්ති

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්

PropellerAds

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පළ කරයි. ඔහ...

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් කිසිවෙක් නිදහස් වී නැහැ
මදුෂ් සමඟ සිටි අපරාධකරුවන් ගැන තලතාගෙන් අනාවරණයක්
කොළඹ තැන් කීපයකට හෙට පැය 21ක් වතුර නෑ
ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයත් සමග ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියළුම ක්ෂේත්‍ර පීඩනයකට ලක් ව සිටින බවයි. එම පිඩනය ලබන ජනවාරි වනතුරු උපරිමයෙන් පවතින බවත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහව යනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය.

මෙම සාකච්ඡාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි පැවැත්විණි. සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංචාරක, සිවිල් ගුවන් සේවා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා, ශ්‍රී ලංකන් යන ආයතන මේ වන විට මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මෙහ දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට ලබා දී ඇති සහන දීර්ඝ කරන ලෙසයි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් ලබා ගෙන ඇති ණය  ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දැක් වු මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවයි. අදාළ ණය හිමියන්ගේ ඉල්ලීමක් සහිත යෝජනාවලියක් අදාළ බැංකු වෙත ඉදිරිපත්කොට එය ලබා ගැනීමටත් එවැනි ණයහිමියන්ට අවශ්‍ය වුවහොත්  මහ බැංකුව මගින් නිර්දේශයක් ලබාදීමටත් හැකියාව ඇතැයි ඔහු සදහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි වැඩිදුරටත් සදහන් කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන්ගේ වාහන ලීසිං සමාගම් විසින් අත්පත්කර ගැනීමේ සිදුවීම් වාර්තා වි ඇති බවයි. ඊට අමතරව අදාළ ලීසිං සමාගම් ලීසිං සහනය ලබා දීමේ දි වාරිකයට තවත් මුදලක් එකතු කිරිමේ සිද්ධින් ද වාර්තා වී ඇතැයි ඇමතිවරයා කීවේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපති අජික් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේ ලීසිං සමාගම් වලට වාහන අත්පත් කර ගැනීම නතර කරන ලෙස දැනුම් දී ඇති බවයි. ලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැතැයි අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා ලීසිං සමාගම්  වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරියට කීවේය. එවැනි  සිද්ධින් වලට සම්බන්ධ ලිසිං සමාගම් වලට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.  පසුගිය කාලය තුළ රුපියල් බිලියන 4,100 ක ණය සහන ලබා දී ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා රුපියල් බිලියන 330 ක ණය පොළී අඩු කර ඇති  බව ද කීවේය.

පසුගිය දින 21 ක කාලය තුළ සංචාරකයන් 29,000 ක් මෙරටට පැමිණී බවත් මේ වසර අවසන් වන විට150,000ත් 180,000 ත් අතර සංචාරක පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබන වසර වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සදහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි නව සාමාන්‍යකරණය තත්ත්වය යටතේ ක්‍රියාත්මක නීතිරිති වලින් බාධා මතුවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියආරච්චි මහතා කීවේය. ඒ පිළිබද ව  මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරැණු අතර මහ බැංකු අධිපතිවරයා කීවේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කරන බවයි.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙටිටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටි.එම්.ජේ.වයි.පි.ප්‍රනාන්දු, ඇතුළු නිළධාරීන් රැසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්
ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtotMH1-JjJ7kzokC_Ok9655yvcQW8LmqClN8FYeSSq1XydwE0MsxihoRMPCdA7Zun6oc8MCPgYVFCObsWLcP__OmT8wQJzUyuJfwzlgYdqQcwfePKgiokp6d5I1QQKrDoVcJ8N-5wGdgw/s320/kabrals.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtotMH1-JjJ7kzokC_Ok9655yvcQW8LmqClN8FYeSSq1XydwE0MsxihoRMPCdA7Zun6oc8MCPgYVFCObsWLcP__OmT8wQJzUyuJfwzlgYdqQcwfePKgiokp6d5I1QQKrDoVcJ8N-5wGdgw/s72-c/kabrals.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy