දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඩුබායි හිදි අනතුරට පත් ලාංකික කතට කෝටි පහක වන්දියක්!

ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩිරාම් මිලියනයක වන්දි මු...

ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩිරාම් මිලියනයක වන්දි මුදලක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කොටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදල්ක් ) ගෙවන්නැයි ඩුබායි අධිකරණය එම රිය අනතුර සිදු කළ ඉන්දීය ජාතිකයෙකුට නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මෙම වන්දි මුදල හිමි වූයේ වූයේ ඩුබායි රාජ්‍යයේ ගෘහ‌සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී ආබාධිත වූ තරංගා දිල්රුක්ෂි නැමැති 45 හැවිරිදි ලාංකික කාන්තාවකට යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් නිව්ස් පුවත්සේවය ඊයේ (23) වාර්තා කර තිබෙනවා.

ඉකුත් වසරේ මැයි 24 වැනි දා ඩුබායි රාජ්‍යයේ බර් ඩුබායි පොලීස් ආසන්නයේ හරස් මාර්ගයකදී ඉන්දීය ජාතික රියැදුරෙකු නොසැලකිල්ලෙන් සිදු වූ අනතුරකින් මෙම ලාංකක ගෘහ සේවිකාව පූර්ණ අබාධිත තත්ත්වය පත්ව සිය ජීවිතය රෝද පුටුවක සීමා වී ඇති බවත් සඳහන්.

අනතුර හේතුවෙන් ඇයගේ තුවාල වලට හා ඉන් ඇයට සිදුවූ හානියට වන්දි ඉල්ලා තමා ඩුබායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත් , වසරක කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව තමන්ට මෙම වන්දි මුදල ගෙවන ලෙසට එරට අධිකරණය අදාළ රියදුරුට නියම කළ බවද ගල්ෆ් නිව්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන්

එම රියට අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි ගල්ෆ් නිව්ස් පුවත් සේවය වෙත පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවයි.

“තමා එම අවස්ථාවේ පාර හරහා කරමින් සිටියදී ඉන්දියානු ජාතිකයෙකු පැදවූ වෑන් රථයක් තමාව යටකර ගන ගිය බවත් , පසුව ඩුබායි රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000 ක දඩයක් නියම කළ බවත් පවසනවා.

නමුත් තමාව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කළ රියැදුරෙන් වන්දි ඉල්ලා ඩුබායි අධිකරණය හමුවේ සිවිල් නඩුවක් පැවරීමට ඩුබායි හි වයි.ඒ.බී නීති සමූහයේ නීති නියෝජිත සලාම් පපිනිස්සේරි මහතා ස්වේඡාවෙන් දායක වූ බවද ඇය කියා සිටියා.

ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද ලිපි ලේඛන තහවුරු කර ගත් අතර අවසානයේ දිල්රුක්ෂිගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනයක් ප්‍රදානය කරන්නැයි විත්තිකාර ඉන්දීය ජාතික රියැදුරුට නියම කරනු ලැබුවා.

ලංකාවේ අඩු ආයදායම්ලාභි පවුලක තැනැත්තියක වන තරංගා දිල්රැක්ෂි මහත්මිය පූර්ණ ආබාධිත තත්ත්වය පත් වීමෙන් පසු මව්රටට පැමිණ සිටිනවා.ඇයට සිය සැමියා සහ වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙකු සමග අසීරුවෙන් ජීවිතය ගත කරන බවත් සඳහන්. ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වන බවත් , ඇයට හැම විටම තවත් කෙනෙකුගේ ආධාරයක් නැතිව කිසිවක් කළ නොහැකි බව .ඇයගේ ඩුබායි නීතීඥවරයා ගල්ෆ් නිව්ස් වෙත පවසා තිබෙනවා.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩුබායි හිදි අනතුරට පත් ලාංකික කතට කෝටි පහක වන්දියක්!
ඩුබායි හිදි අනතුරට පත් ලාංකික කතට කෝටි පහක වන්දියක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVxYjvIWNHftFbljETlbsuYlp4XGFQ5rAUffP7TwlGozkFZmsXB5cdITPL6tjLklzbfSgDrzVMJtTEKoMul6VjSpLV4o6XlxeP2mOc2Z-H24YCibnyw7tO-Ux205ovhEgWyYAFE5CAMb_4/s320/64344-lady1227814548.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVxYjvIWNHftFbljETlbsuYlp4XGFQ5rAUffP7TwlGozkFZmsXB5cdITPL6tjLklzbfSgDrzVMJtTEKoMul6VjSpLV4o6XlxeP2mOc2Z-H24YCibnyw7tO-Ux205ovhEgWyYAFE5CAMb_4/s72-c/64344-lady1227814548.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_160.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_160.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy