දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිරුණිකා මහාධිකරණයෙන්ද පරාදයි.. ගම්මන්පිලට කෝටි 50ක් ගෙවන්න වෙයි.. නොගෙවුවොත් දේපල වෙන්දේසියේ..
Homeප්‍රවෘත්ති

හිරුණිකා මහාධිකරණයෙන්ද පරාදයි.. ගම්මන්පිලට කෝටි 50ක් ගෙවන්න වෙයි.. නොගෙවුවොත් දේපල වෙන්දේසියේ..

PropellerAds

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමන් සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ මත තමන් විසින් පැවරු නඩුවෙන් රුපියල් මිලියන 500ක් වන්දි ව...

ජීවිත 11 බිලිගත් පසු පාලමක්වත් පුළුල් කරගන්න බැරි මහා මාර්ග ඇමති මොකට ද?. පුලුවන් කෙනෙකුට ඇමතිකම දී ගෙදර යන්න යැයි ජනතාව කියති!
වත්කම විශ්‍රාමික ජනාධිපති වැටුප සහ මන්ත්‍රී වැටුප පමණයි… මෛත්‍රී පාස්කු වන්දිය වාරික 10කින් ගෙවන්න ඉල්ලයි!
හයසපඩ තම ආව පළමට ළ වදද එකපරටම නවතණ මනමපටය මරක බස අනතරන දව බරගත තරණය කය කතව
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමන් සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ මත තමන් විසින් පැවරු නඩුවෙන් රුපියල් මිලියන 500ක් වන්දි වශයෙන් ගෙවීමට කොළඹ දිසා අධිකරණය ඇයට නියම කළ බවත් කොළඹ සිවිල් මහාධිකරණය දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක්වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශකර සිටියේය.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය විසින් 2015 ජූලි 2 දින මා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් කළා. මම ඒ ප්‍රකාශයෙන් මට සිදු වුණු හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ 42/2016 මුදල් යන අංක දරණ නඩුව පැවරුවා. මට රුපියල් මිලියන 500ක් වන්දි ගෙවන්න කොළඹ දිසා අධිකරණය නියම කළාම හිරුනිකා මැතිණිය ඒ තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයේ එල්ඒ 112/2018 අංකය යටතේ අභියාචනාවක් ගොනු කලා. 2020 නොවැම්බර් 25 දින මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කළා. හරි නම් දැන් හිරුනිකා මැතිණිය මට මිලියන 500ක් ගෙවන්න ඕනෑ. එසේ නොකරනවා නම් ඇයගේ දේපල වෙන්දේසි කර මගේ මුදල අය කර ගන්න මට පුළුවන්. ඇය මට පහර දීම නතර කර ඇති නිසා මම දේපල වෙන්දේසියකට ගියේ නෑ. මේ නඩුව සඳහා නොමිලේම පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා ඇතුළු නීතිඥ කණ්ඩායමට මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

අපහාසයට රුපියල් මිලියන 500ක් ඉල්ලා කබීර්ටත් නඩු

දැන් හිරුනිකා මැතිනියගේ භූමිකාව රගපාන්න කබීර් හසීම් මන්ත්‍රිතුමා ඇවිත් ඉන්නවා. කබීර් මන්ත්‍රිතුමා බොහෝවිට මා ගැන බොරු කියන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා නිසා එතුමා කියන්නේ බොරු බව පෙන්වලා දෙනවා මිස ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මට අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් මගේ වාසනාවට සහ එතුමාගේ අවාසනාවට 2021 ජූනි 18 දින එතුමා මා ගැන බොරු වැලක් මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා. මම අපේ අනන්‍යතාවය චීන සමාගමකට දීලාලු. කෝටි 1,000ක තෙල් ටැංකි හදන්න යනවාලු. තෙල් පිරිපහදුවේ අයිතිය විදේශිකයින්ට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මාලු. තෙල් ගේන්න සල්ලි නෑ කියලා බොරු කියනවාලු. ඔය වගේ බොරු එකක් දෙකක් නොවේ, බොරු වැලක්ම කිව්වා.

එක්කෝ තමන් කියූ දේ ඇත්ත කියලා ඔප්පු කරන්න. නැතිනම් රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුලත මට ගෙවන්න කියලා මම කබීර් හසීම් මන්ත්‍රිතුමාට එන්තරවාසියක් යැව්වා. 2021 ජූනි 29 දින එන්තරවාසිය යැව්වේ මිනෝලි ජයවර්ධන නීතිඥතුමියයි. හෙටට සති දෙක සම්පූර්ණයි. ගරු කබීර් මන්ත්‍රිතුමනි, ඔබට මට රුපියල් මිලියන 500ක් ගෙවීමට ඇත්තේ හෙට දවස පමණි. හෙට දවස ඇතුලත රුපියල් මිලියන 500 නොගෙව්වොත් හිරුනිකා මැතිණියට වගේම ඔබටත් දිසා අධිකරණයේ නඩු පැවරීමට සිදු වෙනවා. මිලියන 500 අරගෙන මාව හම්බෙන්න ආවේ නැති උනොත් කබීර් හසීම් මැතිතුමනි අපි කොළඹ දිසා අධිකරණයේ දී හමුවෙමු කියලයි මට එතුමාට කියන්න වෙන්නේ.

ප්‍රශ්න

ඇතැමුන් කියන්නේ ගම්මන්පිල ආණ්ඩුවෙන් එළියට දමයි වගේ කියලා. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ ?

පිළිතුර

එළියට දැම්මොත් මම වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවටයි. මම ජනතාවට ඇත්ත ඇත්ත සහ ඇත්ත පමණක්ම කීමෙන් ජනතාවට මා පිළිබඳ විශ්වාසයක් තියෙනවා. මෙම විශ්වාසය තමයි මගේ ලොකුම ශක්තිය. ආණ්ඩුව තුළදීත් ඉන් පිටතදීත් මගේ ශක්තිය මා පිළිබඳ විශ්වාසය තැබූ ජනතාවයි. මොනවා පලුදු කරගත්තත් ඒ විශ්වාසය පළුදු කර ගන්න මම සූදානම් නෑ. ඒ නිසා තමයි මම ජුනි මාසයේ 13 වෙනිදා ඇවිල්ලා රටේ විදේශ විනිමය අර්බුදයක් තියෙනවා කියලා ඇත්ත කතාව ජනතාවට කිව්වේ. ජනතාවට බොරු කරලා ජනතාව අන්දලා ජනතාව සුරංගනා ලෝකයක අතරමං කරලා ආණ්ඩුවකට පැවැත්මක් හිටින්නෙ නෑ. ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ප්‍රමාණයටයි ආණ්ඩුවේත් දේශපාලකයාගේත් පැවැත්ම තීරණය වෙන්නේ. ඒ නිසා මගේ ශක්තිය මගේ ජනතාවයි.

ප්‍රශ්නය

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔබතුමා වැරදී කියා තමයි රජයට සම්බන්ධ ඇතැම් අයත් කියන්නේ. ඔබතුමා ඒ ගැන මොකක්ද කියන්නේ ?

පිළිතුර

මේ රටේ රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ ප්‍රධානියා, අමාත්‍යමණ්ඩලයේ ප්‍රධානියා, සේනාධි නායකයා, කියන තනතුරු හතරම දරණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවේදන අංක 21 / 146 කියන්න නිවේදනය ජුනි මාසයේ 13 වැනිදා නිකුත් කරලා මිල වැඩි කලේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුමන් ද සහභාගි වුණු ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී කියන එක ලිඛිතවම රටට ප්‍රකාශ කරලා තියෙනවා. රාජ්‍ය නායකයා එවැනි ප්‍රකාශයක් කළාට පස්සේ ඊට යටින් ඉන්න අයගෙන් ඒක ඇත්තද කියලා අහන්න අවශ්‍ය තාවයන් නෑ.

රටේ රාජ්‍ය නායකයා ආණ්ඩුවේ ප්‍රධානියා ලිඛිතවම නිවේදනයක් නිකුත් කරලා කොහොමද තෙල් මිල වැඩි උනේ කියලා කියද්දී ඉන් එහාට කවුරුහරි ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා නම් ඒ පුද්ගලයා කියන්නේ ජනාධිපතිතුමා බොරු කියනවා කියන එකද ?

ප්‍රශ්නය

ඉන්ධන මිල ඉහළ යාමට වෙනත් විකල්ප යමෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයිද ?

පිළිතුර

අප මිල වැඩි කිරීම කළේ ඉතාම අකමැත්තෙන්. ජනතාවට පීඩනයක් බව දනිමින් ඒ බව ද ප්‍රකාශ කරමින් තමයි මම තෙල් මිල වැඩි කිරීම ප්‍රකාශයට පත් කළේ. ජනතාවට පීඩාවක් බව දනිමින් අප මේක කරන්නේ අපට වෙනත් විකල්පයක් නැති නිසා බව මම එදා කිව්වා. කවුරුන් හෝ ජනතාවට සහන දිය හැකි වෙනත් විකල්පයක් ඉදිරිපත් කරනවා නම් අපි ලෑස්තියි ඒ විකල්පය පිළිගන්න.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිරුණිකා මහාධිකරණයෙන්ද පරාදයි.. ගම්මන්පිලට කෝටි 50ක් ගෙවන්න වෙයි.. නොගෙවුවොත් දේපල වෙන්දේසියේ..
හිරුණිකා මහාධිකරණයෙන්ද පරාදයි.. ගම්මන්පිලට කෝටි 50ක් ගෙවන්න වෙයි.. නොගෙවුවොත් දේපල වෙන්දේසියේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnu4lTMxL6-4VCIIlLAGejmnZb0qM4t74Q7qwJTuC91OWj-JLoO2mlFIVPMNraz2H1LFjc1-cIdgNi49u9o0BZ3krnd8pm-FIAmFpE24e-_CcrIjEmK8VWckWCW9MWNHGyS0O8Dm_HbjQ/s320/hiruz.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnu4lTMxL6-4VCIIlLAGejmnZb0qM4t74Q7qwJTuC91OWj-JLoO2mlFIVPMNraz2H1LFjc1-cIdgNi49u9o0BZ3krnd8pm-FIAmFpE24e-_CcrIjEmK8VWckWCW9MWNHGyS0O8Dm_HbjQ/s72-c/hiruz.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy