දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල් මන්ත්‍රී වෙන්න කළින්ම වැඩ පෙන්වයි! සජිත්ව හිර කරයි

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරී...

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට තේරීම් භාර නිලධාරීවරුන් කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන් කිරීම නිසා ඔවුන්ගේ සභික ධූරයන් අහෝසි වී ඇති බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

තංගල්ල නගර සභාවේ නගරාධිපතිවරයා, වැලිගම නගර සභාවෙන් නගරාධිපතිවරයා, නාවලපිටිය නගර සභාවේ නගරාධිපතිවරයා එසේ ධූරවලින් ඉවත් කර තිබෙනවා.

ගැසට් නිවේදන තුනක්

තංගල්ල නාවලපිටිය සහ වැලිගම නගර සභාවල සභාපතිවරුන් එම තනතුරු අතහැර ඇති බව සඳහන් කරමින් ගැසට් නිවේදන තුනක් එම නගර සභාවල තේරීම් භාර නිලධාරීන් විසින් ඊයේ (17) නිකුත් කරනු ලැබීය.

මේ අනුව මෙසේ තනතුරු අතහැර ඇත්තේ තංගල්ල නගර සභාවේ සභාපති රවිඳු දිල්ශාන් ,නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව ෂා වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ධනුෂ්ක විජයරත්න ජයවික්‍රම යන තිදෙනාය.

මෙම තිදෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති හෙයින් ඔවුන් විසින්ම එම තනතුරු අතහැර දමනු ලැබ ඇතැයි ඒ ගැසට් නිවේදනවල සඳහන් වෙනවා.

සජිත්ගෙන් තනතුරු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 10අ (1)(අ) වගන්තිය යටතේ තංගල්ල නගර සභාව සභාවේ තේරීම් භාර නිලධාරී රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ, නාවලපිටිය නගර සභාවේ තේරීම්භාර තේරීම් භාර නිලධාරී එම් එම් එස් බණ්ඩාර සහ වැලිගම නගර සභාවේ තේරීම් භාර නිලධාරීනී පෝෂිතා කෞමදී යන අය විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභා ශාලාවේදී ඊයේ (17) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජීව මහතා පැවසුවේ තමා තනතුරින් ඉවත් වුණත් නගර සභාවේ උප සභාපතිවරයා සභාපති පුටුවට පත් කරන බවයි.

තමාට සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරය ලබාදී ඇති බවත් වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමට නාවලපිටියේ ජනතාව සමග එකතු වී තමාට කළ හැකි උපරිම දේ කරන බවත් ඔහු සඳහන් කළා.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් මන්ත්‍රී වෙන්න කළින්ම වැඩ පෙන්වයි! සජිත්ව හිර කරයි
රනිල් මන්ත්‍රී වෙන්න කළින්ම වැඩ පෙන්වයි! සජිත්ව හිර කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjpSaN0AFBsopU_owClUrafguyol-8vvu3mqd5rqqZxZAgda8O7YmjxRCpRq9FT7LGFYgxzRKIbI0JJmhCjklRNSlZv_9ACVh5lKo2R9Ii0JoE_C5VkW4edwnybGHCM7cz1ZFez-GIkaY/s320/ranil-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjpSaN0AFBsopU_owClUrafguyol-8vvu3mqd5rqqZxZAgda8O7YmjxRCpRq9FT7LGFYgxzRKIbI0JJmhCjklRNSlZv_9ACVh5lKo2R9Ii0JoE_C5VkW4edwnybGHCM7cz1ZFez-GIkaY/s72-c/ranil-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_547.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_547.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy