තමන් විසින් සතොස ආයතනය හරහා ලබාදුන් සහන මල්ලට එරෙහිව අදහස් දැක්වූ මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා අ...
තමන් විසින් සතොස ආයතනය හරහා ලබාදුන් සහන මල්ලට එරෙහිව අදහස් දැක්වූ මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා අත් අඩංගුවට ගන්නා බවටටත් රුපියල් කෝටි 50ක් වන්දි ඉල්ලා නඩු පවරන බවටත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවස්ථා දෙකකදීම කළ ප්‍රකාශවලට මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, අසේල සම්පත් මහතා ඊයේ ප්‍රතිචාර දැක්වූයේය.
"හැප්පිලා බලමු බන්දුල මහත්තයෝ, මම සූදානම් ඒ වෙනුවෙන්. අද මං මේ හිරේ යන්න ආවෙ. මං ගෙදෙට්ට කියලා ආවෙ, මං හිරේ යන්න ආවෙ. අරහෙ මෙහෙ කතා කරන්න ඕනෙ නෑ බන්දුල මහත්තයෝ.
මම කිව්වෙ මේ රටේ ඇත්ත කතාව. මේ මාස්ක් එක ගැන මම කිව්වෙ මොකද්ද, මේකෙ ප්‍රමිතිය ගැන නෙවෙයි. මේක රුපියල් 14යි, මේක රුපියල් 7ට ගන්න පුළුවන් තොගේ ගන්නකොට, මෙයින් ලක්ෂයක් ගන්නකොට ලක්ෂ 14ක් ගෙවන්න ඕනෙ සැපයුම්කරුට සතොස, ඒ ලක්ෂ 14න් ලක්ෂ 7ක් ඒ අහිංසක සැපයුම්කරු හීනියට සාක්කුවට දාගන්නවා. මම කිව්වෙ ඔන්න ඕක. බන්දුල දන්නවා මේකෙ අබ කාපු එකාගෙ තමයි මොළේ දන්නේ. ඒකනෙ මෙයාට ෆයර් වුණේ.
මම මතුකරපු බඩු මල්ලෙ පළවෙනි කරුණ මොකද්ද, බොරැල්ල සතොසෙන් මට දුන්නෑ රිසිට් එකක්. කෝ බන්දුල මහත්තයෝ ඔයා ඒකට උත්තර ? ඇයි මොකද්ද කරේ ? බඩු මළු ටික බිල් නොකර මේගොල්ලෝ තමන්ගෙ ව්‍යාපාරිකයින්ට විකුණාගන්න සතොස නාමය හරහා දුන්නා. බන්දුල මහත්තයාට කියනවා, හෙට හිරේ යන්නම් හැබැයි කෝටි පනහක් දෙන්න මට නෑ ඔබතුමාට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS