වි මල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වනු ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි. නුදුරේදීම...
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වනු ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
නුදුරේදීම ඔවුනට ආණ්ඩුවෙන් ඉවතට යෑමට සිදුවනු ඇති බවත් ඒ සමගම රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් ගේ පක්‍ෂවල සහයෝගය ආණ්ඩුවට ලැබෙනු ඇති බවත් එම වාර්තාව කියා සිටී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ද විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇතැයි ද එහි සඳහන්ය.
එමෙන්ම උදය ගම්මන්පිල මහතා සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීම් කර ඇති බවද ලංකාදීප වාර්තා කරයි.

COMMENTS