දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්.. STF බලඇණි කැදවයි
Homeප්‍රවෘත්ති

මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්.. STF බලඇණි කැදවයි

PropellerAds

යා පනය විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමත් සමග සිසුන්, දේශාපලන නියෝජිතයින් හා ප්‍රද...

අනුර-සජිත් ආර්ථික විවාදය! අපි පොඩි කාලේ යාළුවන්ට ගහගන්න චැලෙන්ජ් කළාම තාත්තව ඉස්කෝලෙට එක්කන් එනවා! හරිනි මන්ත්‍රීතුමිය රනිල්ටත් එන්න කියමු කියලා කියන්නේ ඒ වගේ කතාවක්! සුජීවගෙන් හරිනිට ‌පොඩි නෝන්ඩියක්! VIDEO
42/5 යි… බට්ටිච්චි ගේ වික්‍රමය…
කැමති විදිහට මරණෙ වැඩ කරගන්න රනිල්ගෙන් අලුත් නීතියක්!
යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමත් සමග සිසුන්, දේශාපලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ දැඩි නොසන්සුන්කාරී හැසිරීම ඊයේ (08) රාත්‍රියේම පාලනය කල බවට කෝපායි පොලීසිය පවසයි.

මුලතිව් මුල්ලිවයික්කාල්හි අවසන් යුද සමයේදී මිය ගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් යැයි පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ යුද ස්මාර් කය ඊයේ (08) රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් යොදා සම්පූරණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාව, යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ සහ ආරක්ෂක අංශ වල මෙහෙයවීම මත මෙලෙස ඊයේ (08) රාත්‍රියේ කිසිවෙකුටත් නොදන්වාම යුද සැමරුම් ස්මාර්  කය කඩා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පවසමින් පළමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවය ප්‍රකාශ කරමින් නොසන්සුන්කාරීව හැසිර තිබුණි.

අනතුරුව අදාල ස්ථානයට දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැමිණ දැඩි නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන් කෝපායි පොලීසිය තත්වය පාලනය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂකාර් ය බලකාය කැඳවීමට පියවර ගන්නා ලදි.

අනතුරුව විශ්වවිදයාල භූමියට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකිවන පරිදි ආරක්ෂාව යෙදවූ අතර නොසන්සුන් තත්වය පාලනය කිරීමටද ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග විරෝධතා කරුවන් විසින් විශ්වවිද්‍යාලයේ දොරටුව ඉදිරියේ ඇති මාර්ගයේ හිඳ විරෝධතාවය පල කර සිටියේය.

මෙම විරෝධතාවයන්ට දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගී වී විරෝධතාවය පල කරමින් කියා සිටියේ යුද්දයේදී දෙමළ ජනතාව මිය ගිය ආත්මයන් සිහි කිරීම සඳහා තිබූ සංකේතයන්ද මෙලෙස කඩා දැමීමෙන් දෙමළ ජනතාවගේ අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් සෙයින් මෙම යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම දැඩි ලෙසින් හෙලා දකින බවටය.

අද (09) උදෑසන වන විටද යාපනය විශ්වවිද්‍යාල භූමිය අවට ආරක්ෂාව තර කොට ඇති බවටත් අදාල නොසන්සුන් කාරීව කටයුතු කල අය සම්බබන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්.. STF බලඇණි කැදවයි
මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්.. STF බලඇණි කැදවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiURF06xETgsQMfUBDbLaY27q_ES8qVxNU0kR-SQze6ftjLxsApAe_ek6xn5hMOKidoLWj6Fm8MxX5ertQbfPUiq8yHTMuUhSbrYfmvDL9qgmrw2-EP-APNGeBqco6vgRIQhVdPK8npefQ/s320/jaffna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiURF06xETgsQMfUBDbLaY27q_ES8qVxNU0kR-SQze6ftjLxsApAe_ek6xn5hMOKidoLWj6Fm8MxX5ertQbfPUiq8yHTMuUhSbrYfmvDL9qgmrw2-EP-APNGeBqco6vgRIQhVdPK8npefQ/s72-c/jaffna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy