දිවුලපිටිය ඥානෝදය විදුහලේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු ඇතුළු අට දෙනකු කොවිඩ් වයිරසය ආසාදිත වූවන් බව ඊයේ (13) වන විට තහවුරු කර...
දිවුලපිටිය ඥානෝදය විදුහලේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු ඇතුළු අට දෙනකු කොවිඩ් වයිරසය ආසාදිත වූවන් බව ඊයේ (13) වන විට තහවුරු කරගෙන තිබිණි.
උසස් පෙළ සිසුවාට අමතරව වයිරසය ආසාදනය වී ඇත්තේ තුන, හතර, හත සහ අට ශ්‍රේණිවල සිසුන්ට බව දිවුලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. කුලතිලක මහතා පවසා ඇත . උසස් පෙළ සිසුවා ඉරණවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද හෙතෙම කීවේය.
මෙම ශිෂ්‍යයාට ඉරණවිල රෝහලේ සිට විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය.
මීට පෙර කොළඹ ගෝතමී බාලිකාවේ මෙන්ම ගම්පහ රත්නාවලී බාලිකාවේ සිසුවියන් දෙදෙනකුට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
කොවිඩ් වයිරසය ආසාදිතව සිටින පාසල් සිසුන්ගේ ආශ්‍රිතයන්ට හැකි ඉක්මනින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා විශේෂිත ස්ථාන කිහිපයක් නම් කරන ලෙස ලංකා ගුරු සංගමය කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායෙන් ඉල්ලා සිටියි.
මේ වන විට පාසල් දරුවන්ට වයිරසය ආසාදනය වීම් වැඩි වෙමින් පවතින හෙයින් මෙම ඉල්ලීම කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටලින් මහතා පැවසීය.
මේ තත්ත්වය මත එම සිසුන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් සිටිය හැකි යැයි ද යම් සිසුවකුට අවශ්‍ය වන්නේ නම් පී.සී.ආර්. පරීක්ෂණයක් කර ගැනීමට ස්ථානයක් තිබිය යුතු යැයි ද ස්ටාලින් මහතා පවසයි. එසේ වුවහොත් විශාල සිසුන් පිරිසක් එම ස්ථානවලට පැමිණෙනු ඇතැයි ද හෙතෙම කීවේය.
COMMENTS