කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ඊයේ (25) දහවල් සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහ...
කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ඊයේ (25) දහවල් සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක සහ සීදුව අතර පිහිටි 22 සැතපුම් කණුව අසලදීය.
ඉන්දික අනුරුද්ධ මහතා තම ජීප් රථයෙන් කොළඹ බලා යමින් සිිට ඇත. පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් එම ජීප් රථය ලිස්සා ගොස් ආරක්‍ෂක වැටේ ගැටී තිබේ.
එම අනතුරෙන් ඉන්දික අනුරුද්ධ මහතාට බරපතළ තුවාල සිදු වී නැතත් ඔහුගේ හිස වෑන් රථයේ ගැටීම නිසා ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
COMMENTS