දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාස්කු ප්‍රහාර මාලාවේ වගකීම තමාට භාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා බලපෑම් කළබව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හෙළිකරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා නොගැනීමේ වගකීම භාරගන්නේ නම් මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කර විදෙස් රටක තනාපතිකමක් ලබාදිය හැකි...





පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා නොගැනීමේ වගකීම භාරගන්නේ නම් මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කර විදෙස් රටක තනාපතිකමක් ලබාදිය හැකියැයි හිටපු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදි තමන්ට බලපෑම් කළබව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.


ප්‍රහාරය පිළිබද ලද පුර්ව දැනුවත් කිරීමට අදාළව අනෙකුත් නිලධාරින් ක්‍රියාමාර්ග ගත්තේ යැයි ඔප්පු කිරීමට දුරකතන වාර්තා පැවතියද, තමන්ගේ ජංගම දුරකතන වාර්තා පමණක් නොමැතිවීම සහ එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු කටයුතු කිරීම අතර සම්බන්ධයක් ඇත්දැයි තමන්ට සැකයක් පවතින බවයි හටපු පොලිස්පතිවරයා කියා සිටියේ.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ තෙවන දිනටත් සාක්ෂි ලබාදුන්නා.


එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබද ලද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පිළිබද ඔබ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන මහතා දැනුම්වත් නොකළේ මන්ද යන්නයි.


එයට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා,

" දැනුම්වත් කරලා වැඩක් නැහැ ස්වාමීනි. ඔහු ක්‍රියාකාරී නැහැ. එතුමාට භාර දීලා තිබුණෙත් පුහුණු කිරීම් හා තවත් ආයතන දෙක තුනක් විතරයි. අනික තිබුණ දේශපාලන ආරවුල් එක්ක මන් කියන්න ගියෙත් නැ. " යැයි කියා සිටියා.


කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි පෙරළා ප්‍රශ්න කර සිටියේ ඇයි ඔබ කතෝලික පල්ලිය හෝ කාදිනල් හිමියන් දැනුම්වත් නොකළේ යන්නයි.


" කාදිනල් හිමියන්ව දැනුම්වත් කරන්න තරම් මේ තොරතුර ස්ථීර තත්ත්වයක තිබුණේ නැහැ ස්වාමීනි.

ස්ථීරව තිබුණා නම් මම මේ ගැන කාදිනල් හිමිපාණන් දැනුවත් කරනවා යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නා.


" එහෙමනම් අප්‍රේල් 20 තොරතුරක් ලැබුණම හෙට ගහනවා කියල ඇයි ඒ වෙලාවේ කාදිනල් හිමියන් දැනුම්වත් නොකළේ යැයි සභාපති විනිසුරුවරයා යළි විමසා සිටියා.


" මට සවස 5ට විතරයි නිලන්ත ජයවර්ධන මහත්තයා දුරකතනයෙන් කිව්වේ මේ ගැන. ඒක විනාඩි 2 යි තත්පර 13 ක ඇමතුමක්. 'සර් කලින් ආපු තොරතුර ගැන වැඩිදුර තොරතුරක් ලැබුණා' කියලයි කිව්වේ. මං ඇහුවා 'foreign intelligence එකද' කියලා. 'ඔව් ඒකෙන්ම තමයි' කියලා නිලන්ත උත්තර දුන්නා. නැවතත් මං ඇහුවා 'ඔයගොල්ලො තොරතුරක් හොයාගත්තේ නැත්ද' කි‍යලා. 'මුකුත් නැහැ සර්' කියලයි නිලන්ත කිව්වේ. ඉතින් ස්වාමීනි ඒ දැනුම්දීම අනුව රාජ්‍ය බුද්ධි සේවය කළේ අනුන්ගේ තොරතුරක් පාස් කරපු එක විතරයි. තමුන්ගේ කියල තොරතුරක් එයාලා හොයාගෙන තිබුණේ නැහැ. පස්සෙ මම නිලන්තට කිව්වා තොරතුරු ලැබුණු විදියටම නන්දන මුණසිංහටත් කියන්න කියලා. ටික වේලාවකට පස්සේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මගෙන් කතා කරල ඇහුවා 'පුජිත් නිලන්තගෙන් පණිවිඩයක් ලැබුණද' කියලා. 'ඔව් ලැබුණා.. මං මේ ඒ කාරණයේ ඉන්නේ' කියලා මම ආරක්ෂක ලේකම්වරයට උත්තර දුන්නා යැයි පූජිත් ජයසුන්දරන් මහතා කියා සිටියා.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ " එදා එහෙම වුණාට ස්වාමීනි මේ සිද්ධියෙන් පස්සේ මං කටඋත්තර දෙන්න ගිය වෙලාවේ පුර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන අනිත් අය කතාකරපු හැම දුරකතන වාර්තාවක්ම එතන තිබුණත් මං නිලධාරීන්ට මේ ගැන කියන්න ගත්ත එක ඇමතුමකවත් දුරකතන වාර්තා එතන තිබුණේ නැහැ. එවකට ටෙලිකොම් ආයතනයේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ එකකුස උපන් සහෝදරයා. මම ඒ දවස් වල කෝල් ගත්ත ගමන් ටක් ගාලා සද්දයක් එනවා. ඒ ට්‍රැක් කරනවා. තව කාරණයක්, ඒ දවස්වල මගේ නිල නිවස ඉස්සරහ පාරේ සක්මන් කරන්න රාජ්‍ය බුද්ධි සේවය ඔත්තුකාරයො දාලා තිබ්බා පොලිස්පතිව ආවේක්ෂණය කරන්න. ඔන්න ඕවා තමයි මට වුණේ ස්වාමීනි. " යැයි ජයසූන්දර මහතා වැඩිදුරටත් සාක්ෂි දුන්නා.


එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ " ඔබ කාටද මේවට ඇඟිල්ල දික් කරන්නේ ? " යනුවෙන්.


" ඇඟිල්ල දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයටයි ඒ හා සම්බන්ධ දේශපාලන අධිකාරියටයි. මං මෙවැනි සිදුවීම් නිසා පොලිස්පති හැටියට පුදුමාකාර විදියට විඳවලා තියෙනවා. මං එහෙම විඳවන්න ඕනෙ කෙනෙක් නෙවෙයි. අන්තිමේට මාවයි හේමසිරි ප්‍රනාන්දුවයි මේකට බිලිවුණ එකයි වුණේ. "


" ඇයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔබලාට මෙහෙම කළේ කියල හේතුවක් දන්නවාදැයි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු මෙහිදි සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමුකළා.


" මං දන්නවනේ මට කියපුවා. මේ යකාව අයින් කරන්න ඕනෙ කියලමයි කිව්වේ. පැජට් රෝඩ් එකේ නිලධාරින් ඉස්සරහත් මට බැනල තියෙනවා." යැයි හිටපු පොලිස්පතිවරයා ඊට පිළිතුරු ලබාදුන්නා.


ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉවත් වුණොත් තානාපති කමක් දෙනවා යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ දැයි එහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ප්‍රශ්න කර සිටියා.


ඊට පිලිතුරැදෙමින්  " ඔව් ස්වාමීනි. ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 23 එතුමා ඇමතුමක් දීලා කිව්වා ' පූජිත් රෑ 8ට මාව හම්බෙන්න පැජට් එකට එන්න' කියලා. මන් රෑ ගියා.

ගිහින් විනාඩි 20ක් විතර හිටියා. මොකද මට මතක විදියට ජනාධිපතිවරයා ඒ වෙලාවේ තිලංග සුමතිපාල, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීතුමන්ලා එක්ක කතාවක හිටියේ. ඒකෙන් පස්සෙ මට එන්න කිව්වා ඇතුළට. මට එතුමා කිව්වා 'පූජිත්, මං එන්න කිව්වේ විශේෂ කාරණයක් කියන්න. දැන් මේ වෙච්ච සිද්ධියේ වගකීම මට ගන්න බැහැ. මට මේක පූජිත් කිව්වෙත් නැ හේමසිරි කිව්වෙත් නැ. ඉතින් මට මේකේ වගකීම ගන්න බැහැ.' කියලා ප්‍රකාශ කළ බව සාක්ෂිකරු සඳහන් කළා .


" මං ඉතින් බලන් හිටියා ස්වාමීනි එතුමා දිහා. ඔන්න එතකොට කිව්වා ' පූජිත්, ඔයා මේකේ වගකීම ගන්න ඕනේ. මං අද උදෙත් ආරක්ෂක කවුන්සිලයේදී ඇහුවනේ උඹ වචනයක් කිව්වද..?

' ඔහොමයි කතා කළේ ස්වාමීනි මට. මං එතකොටත් පොලිස්පති නිසා මට විනයක් තියෙන්න ඕනෙ කියලා හිතලා මං සද්ද නැතුව බලාගෙන හිටියා. ඊටපස්සෙ කිව්වා 'දැන් මන් පත්කළාට පස්සෙ විජිත් මලල්ගොඩ කමිටුව රැස්වෙනවා. ඒකෙන් උඹ වරදකරු කරනවාමයි. හැබැයි මේකෙ වගකීම භාර අරන් ඉවත් වෙනවනම් කොහේ හරි කමක් නැ කැමති රටක තානාපති කමක් දෙන්නම් යන්න. Inquiry වෙනස් කරවන්නම් මම' කියලා ජනාධිපතිවරයා මට පැවසුවා යැයි පූජිට් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.


" ඔය විදිහට තුන්වතාවක් මට කිව්වා ස්වාමිනි. මන් තුන්වෙනි වතාවෙ කිව්වා ' සර් මං ඕක කළොත් මං සමස්ත පොලිසියම පාවල දුන්නා වෙනවා. අනික සර් නිලධාරින් මේ වෙනුවෙන් පියවර ගත්තනේ. එක නිසා එහෙම කියන්නෙපා සර්..' යනුවෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියා.


එතකොට ' එහෙනම් මොකද්ද කරන්න ඕනේ' කියලා හයියෙන් කියපු එතුමා 'මට කියන්න තියෙන්නෙ ඔච්චරයි' කියලා නැවැත්තුවා. මං ආචාර කරල ආවා. ඊටපස්සෙ අප්‍රේල් 25 කෝල් කරල ආයෙත් ඇහුවා 'අර ලියුම ආවේ නැ..' කියලා. පස්සෙ උදය ආර්. සෙනෙවිරත්න ජනාධිපති ලේකම්තුමාව එව්වා මාව හම්බෙන්න. ඇවිත් කිව්වා 'මං කියන එක අහපන් යකෝ ගිහින් හම්බෙලා කියන දේ කරපන්' කියලා. එත් මං ගියේ නැහැ ස්වාමීනි. " යැයි පූජිත් ජයසුන්දර  මහතා කොමිසම හමුවේ පැවසුවා.


මෙහිදි ඉකුත් වසරේ පාස්කු ඉරිදින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය තුළ ප්‍රහාරයක් දියත් කිරීමට උත්සහ කර එය ව්‍යර්ථ වූ පසු දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේදී බෝම්බය පුපුරවා ගත් ජමිල් මොහොමඩ් නැමැත්තා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශේෂ අනාවරණයක් සිදුකළා.


" මට පසුව ආරංචි වුණ දෙයක් මං කියන්නම් දෙහිවල පිපිරීම කළ ජමීල් ගැන. ඔහු ටාජ් එකෙන් ට්‍රොපිකල් ඉන් එකට ඇවිත් බෝම්බ තියලා දවල් 1.45ට විතර කෙනෙක්ව හමුවෙලා තියෙනවා ස්වාමීනි. ඒ හමුවෙලා තිබුණේ බුද්ධි අංශයේ නිලධාරියෙක්ව.මේ හමුවීම වෙලා තිබුණේ වෙන කොහේ හරි තැනක. එතකොට බුද්ධි නිලධාරියෙක්ට එහෙම ජමිල් එක්ක සම්බන්ධකම් තිබුණානම් සහරාන් ගැන බුද්ධි අංශ දන්නේනැති වෙන්න බැනේ ස්වාමීනි. සුදුසු පුද්ගලයන් ගෙනැල්ලා හෙව්වොත් සහරාන්ලත් එක්ක තිබුණු සම්බන්ධතා එළියට ඒවි. තව සහරාන් කියල තිබුණා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුලලාට එහෙම විදෙස් මුදල් ලැබෙන එක ගැන ප්‍රශ්නයක් නැහැ කියලා. සහරාන්ලාව නැගෙනහිර දී අත්අඩංගුවට ගන්න බැරිවුනෙත් දේශපාලනය නිසා. ඇයි තව නැගෙනහිර විශ්ව විද්‍යාලයවලට අනුමැති හම්බුන ඒවා, ඒ අයට ආණ්ඩුකාර ධූර දීපු ඒවා එහෙමත් වුණානේ ස්වාමීනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තව විශාල පරීක්ෂණ ප්‍රමාණයක් තියෙනවා ස්වාමිනී මේක ගැන කරන්න. ඒවා නොකර මාවයි හේමසිරිවයි මේ අය මිනීමැරුම් චෝදනාවක් යටතේ ගත්තා කිසිම සොයාබැලීමක් කරන් නැතුව. ඒකයි වුණේ. " යැයි පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාර මාලාවේ වගකීම තමාට භාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා බලපෑම් කළබව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හෙළිකරයි
පාස්කු ප්‍රහාර මාලාවේ වගකීම තමාට භාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා බලපෑම් කළබව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හෙළිකරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwJai8jGRoC23AXH0PZ57hyphenhyphenQw_OWy6yBpDaWnQNAaexzTbssfnD-W-9VWekWxSzM07kgRReb1b1yjFPzvRaxtss8Ur2s8aEObgMMmfo-d9JnxKLe8P8jZFiJgy96Y2uUDkusWp-xNI-8iL/s16000/pujith.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwJai8jGRoC23AXH0PZ57hyphenhyphenQw_OWy6yBpDaWnQNAaexzTbssfnD-W-9VWekWxSzM07kgRReb1b1yjFPzvRaxtss8Ur2s8aEObgMMmfo-d9JnxKLe8P8jZFiJgy96Y2uUDkusWp-xNI-8iL/s72-c/pujith.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_133.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_133.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy