දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව නඩුව යළි නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියොග කරයි

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා...



පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.


මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.


මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙමම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන සියත, හිරු, දෙරණ සහ ස්වාධීන රූපවාහිනී සේවය යන රූපවාහිනි නාළිකාවලින් විකාශය කළ ප්‍රවෘත්ති ප්‍රකාශ වලට අදාල විඩියෝ දර්ශණ අඩංගු සංයුක්ත තැටි හතරක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් කොළඹ මහාධිකරණය වෙත ලැබී තිබෙන බව දැනුම් දුන්නා.



එම සංයුක්ත තැටි වල අන්තර්ගත දර්ශන පරික්ෂා කිරීම සඳහා ඒවායේ පිටපත් තමන් වෙත ලබාදෙන ලෙසත් එම වීඩියෝ දර්ශන වල අන්තර්ගතයන් පරික්ෂා කිරීම සඳහා ප්‍රවේශයන් ඉදිරියේ දී ඉල්ලා සිටින බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා දැනුම් දුන්නා.


අදාල සංයුක්ත තැටි වලට අදාළ පිටපත් විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා


එහිදී විනිසුරු දමිත් තොටවත්ත මහතා දෙපාර්ශවය නීතිඥවරුන්ට  දන්වා සිටීම එම වීඩියෝ දර්ශන පරික්ෂා කිරීම සඳහා යම් අධිකරණ නියෝගයක් අවශ්‍ය වේ නම් ඒවා මෝසමක් මාර්ගයෙන් ඉල්ලා සිටින ලෙසයි.


එවිට අවශ්‍ය නියෝග ලබාදීමට අධිකරණය කටයුතු කරනු ඇතැයි ද විසුරු වරයා පෙන්වා දුන්නා.


ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.


ඉකුත් වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ.


අදාළ මාධ්‍ය සාකච්ඡාවට බොරු රැවුල් පැළඳගෙන ව්‍යාජ වෙස් ගනිමින් ඉදිරිපත් වූ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන නමින් පෙනී සිටි  සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නැමැත්තා සුදුවෑන් යොදාගනිමින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධීන් වලට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට ව්‍යාජ ප්‍රකාශ සිදු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර තිබුණි.


එමෙන්ම අදාළ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතුල සංජීව මදනායක නමැත්තා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නැමැත්තාට අයත් රන් තොග කොල්ලකෑම, සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමීම යනාදී ක්‍රියාවන්ට තමාද සම්බන්ධ වූ බවට අසත්‍ය ප්‍රකාශ සිදුකර වැරදි තොරතුරු සමාජගත කර තිබූ බවද  එම චෝදනාවලින් සඳහන් කර ඇත.  


මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීම සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් වශයෙන් නම් කර සිටි සකල වල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනා මෙම නඩුවේ  ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබීම විශේෂත්වයකි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව නඩුව යළි නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියොග කරයි
ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව නඩුව යළි නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියොග කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiU4cDXbiFt_R9p6z0oL8MuTyqPe5id9rnXWUcTMmESSJj26s5H1z4HyeH2HR9VIVv4xt4S5qAo3BpvXIbRH0rxD2kXqKSdTqZcmJ3hqJtx_4uzAW2wuflsHt2PNwNFOuejJ2GnIV2e1fiP/s16000/sudu+van.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiU4cDXbiFt_R9p6z0oL8MuTyqPe5id9rnXWUcTMmESSJj26s5H1z4HyeH2HR9VIVv4xt4S5qAo3BpvXIbRH0rxD2kXqKSdTqZcmJ3hqJtx_4uzAW2wuflsHt2PNwNFOuejJ2GnIV2e1fiP/s72-c/sudu+van.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/12_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/12_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy