පාර්ලිමේන්තුවේ සභානායක ධුරය යළිත් වතාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ලබාදීම සම්බන්ධයෙන් යෝජනාවී ඇති බව වාර්තාවනවා. ආණ්ඩු පක්ෂයට සමීප ...
පාර්ලිමේන්තුවේ සභානායක ධුරය යළිත් වතාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ලබාදීම සම්බන්ධයෙන් යෝජනාවී ඇති බව වාර්තාවනවා.
ආණ්ඩු පක්ෂයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇති බවයි.
මීට පෙරද ඔවුන් එම තනතුරුවල කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම පත්වීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තාවන්නේ.
මේ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ 4 දෙනෙකුගේ නම් යෝජනාව වී තිබෙනවා.
එම පක්ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට යෝජනා වී ඇති බවයි.
මේ අතර, නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන බොහෝ දුරට පත් කරනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
නව පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20 වනදා උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිතයි.
COMMENTS