දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පළාත් සභා අහෝසි කරන්නැයි ජනපතිට ලියුමක්

නව ව්‍යවස්ථාවක් මගින් රාජ්‍ය ව්‍යුහය විධිමත් කරන තෙක් පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

පළාත් සභා අහෝසි කරන්නැයි ජනපතිට ලියුමක්

නව ව්‍යවස්ථාවක් මගින් රාජ්‍ය ව්‍යුහය විධිමත් කරන තෙක් පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව දැනුම් දී ඇත. එමෙන්ම 13 හා 16 වැනි සංශෝධනවල හඳුන්වා දී ඇති භයානක ප්‍රතිපාදන වහාම අවලංගු කිරීමට නොපමාව පියවර ගන්නා ලෙස ද එම කාර්ය සාධක මණ්ඩලය දන්වා තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, කොළඹ නව කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්ම කුසල,

අමරපුර ධම්මරක්ඛිත නිකායේ මහානායක ත්‍රිකුණාමලේ ආනන්ද හා රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද යන නාහිමිවරුන් ඇතුළු මහාසංඝරත්නයේ ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු බෞද්ධ සංගම් නියෝජිතයන්ගේ අත්සනින් යුතුව මෙම දැනුම් දීම කර තිබේ.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

අර්බුදකාරී හා ව්‍යාකූල තත්ත්වයෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පසුගිය ජනාධිපතිවරණයෙහි දීත් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙහි දීත් ජනතාවට ප්‍රතිඥාවක් ලබාදීම පිළිබඳව පළමුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයට අපගේ ප්‍රසාදය පිරිනමමු. ජනතාව විශිෂ්ට ජනවරමක් ඔබතුමාට ලබා දුන්නේ ඒ අරමුණ පෙරදැරිවය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට ඒ වෙනුවට 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කරන බව රජයේ නිවේදන මගින් දැන් ප්‍රකාශයට පත් වී ඇත. වර්තමාන ව්‍යවස්ථාවෙන් රටේ නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්ත්වය නොපමාව නිවැරදි කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ව්‍යාකූල තත්ත්වයට හේතුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොවේ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති සමානුපාතික ඡන්ද ක්‍රමය මෙන්ම 13 හා 16 වැනි සංශෝධන ඇතුළු විටින් විට ගෙන එනු ලැබූ නානාවිධ සංශෝධනවලින් ලංකාවේ ඒකීය භාවයට, මහජන සාමයට, භෞමික අඛණ්ඩතාවට හා ජාතික ආරක්ෂාවට සිදුව ඇත්තේ බලවත් තර්ජනයකි. එබැවින් මේ සියල්ල වහා නිවැරදි කළ යුතුව ඇත.

නොබෝ දිනකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අදහසක් ද ඇති බව වාර්තා වේ. දැනට අවුරුදු 03ක් පුරා පළාත් සභා නොමැතිව රාජ්‍ය පාලනය සිදු විය. පළාත් සභා පවත්වා ගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව, රාජ්‍යයේ පැවැත්මට ද බලවත් තර්ජනයකි. පළාත් සභා ව්‍යහුයක් පවත්වාගෙන ගිය ද එය වහා ප්‍රතිව්‍යුහගත විය යුතුය. උතුරු පළාත භාර මහ ඇමැති පාලනය කරන පළාත් පොලිසියක් පිහිටුවීමට 13 වැනි සංශෝධනයේ 09 වැනි උපලේඛනයේ 01 වැනි පරිශිෂ්ඨයෙන් විධිවිධාන සලසා ඇත. එහිම 02 වැනි පරිශිෂ්ඨයට අනුව පළාතක් තුළ පිහිටි ඉඩම් කැබල්ලක් පුරවැසියකුට හෝ පූජනීය ස්ථානයකට ලබා දීමට පළාත් සභාවේ එකඟතාව ලබා ගත යුතුව ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්මාරක හා වාර්තා පිළිබඳ විෂයය ද පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් වී ඇත. 16 වැනි සංශෝධනය මගින් උතරු-නැගෙනහිර දෙපළාත්වල පරිපාලන භාෂාව ලෙස සිංහල භාෂාව නොපිළිගැනේ. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය විධිවිධාන ද 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දී ඇත.

පළාත් සභාවකට නීතිය හා සාමයට අදාළ පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධයෙන් නීති පැනවීමට හැකි අතර, පාර්ලිමේන්තුව දැනට පනවා ඇති නීති අභිබවා මෙම පළාත් සභා නීති ක්‍රියාත්මක වනු ඇත.

පසුගිය දින පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් හා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් දෙපළ කළ ජාතිවාදී ප්‍රකාශවලින් පැහිදිලි වන්නේ අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ඒකීය පැවැත්මට බලවත් තර්ජනයක් අත්‍යාසන්න බවයි. මෙම තත්ත්වය යටතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම දුරු කරගත හැකි අනතුරක් යළි කැඳවා ගැනීමකි.

මේ නිසා සියල්ල නිවැරදි කරන අලුත් ව්‍යවස්ථාවක් වහා ගෙන ආ යුතුව ඇත. ඊට අදාළ කාර්යයන් පසුවට කල් තබා ඊට පළමුව 19 වැනි සංශෝධනය පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් නොවන අතර, අනෙකුත් සංශෝධන ද කඩිනමින් කළ යුතුය. එසේ නොකළහොත් එය රජයට ලැබී ඇති ජනවරමට එදිරිවීමකි. බහුතර ජනතාව තුනෙන් දෙකක විශිෂ්ට ජනවරමක් රජයට ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවට හා ඒකීය භාවයට විරුද්ධ ව විවිධ විජාතික බලවේගවල මැදිහත් වීමෙන් ගෙන එනු ලැබ ඇති භයානක විධිවිධාන වහා නිවැරදි කිරීමටය. එය සිදු නොකොට පසුවට කල් දැමීම ජනතාවට කරන බලවත් අසාධාරණයකි. එබැවින් 19 වැනි සංශෝධනය පළමුව සිදු කොට, ඊටත් වඩා වැදගත් සංශෝධනයන් පසුව සිදු කිරීම පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස් රජය ක්‍රියාත්මක නොකළ යුතු බව අපගේ අදහසයි.

ව්‍යවස්ථාවට බලහත්කාරයෙන් ඇතුළත් කර ඇති මෙම විධිවිධාන අවලංගු කිරීමට වහා පියවර ගත යුතුය. එම නිවැරදි කිරීම් සිදු නොකොට පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබුවහොත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේ ක්‍රියාවලිය නිසැකවම ව්‍යාර්ථ වනු ඇත. මෙම පළාත් සභා ක්‍රමය හරහා ශ්‍රී ලංකාව පුරා ඇමැති මණ්ඩල 10ක් ක්‍රියාත්මක වීමත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා වරප්‍රසාද සැලසීමත් පළාත් සභා ඡන්දයක් සඳහා අතිවිශාල මුදලක් වියදම් කිරීමත් නිසා සිදු වන ආර්ථික අවපාතය සැබැවින්ම අපට දැරිය නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ දැනටත් හොඳින් ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන මගින් බලය විමධ්‍යගත කිරීමෙන් ඉහත සඳහන් කළ ප්‍රශ්න හා ගැටලු පහසුවෙන් විසඳාගත හැකි වනු ඇත. බහුතරයක් වූ මහජනතාව ශ්‍රී ලංකාවේ සංවර්ධනාත්මක අනාගතයක් පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ඇති අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙත අප කරුණාවෙන් දන්වා සිටින්නෙ නව ව්‍යවස්ථාවක් මගින්, වියවුල් ව ගිය රාජ්‍ය ව්‍යහුය සුදුසු පරිදි ප්‍රතිව්‍යහුගත කරන තෙක් පළාත් සභා මැතිවරණ පවත්වා ඒවා පණගැන්වීමට කටයුතු නොකරන ලෙසත් 13 හා 16 වැනි සංශෝධනවල හඳුන්වා දී ඇති භයානක ප්‍රතිපාදන වහා අවලංගු කිරීමට නොපමා ව අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය. ජනතාව රජයට ලබා දුන් විශිෂ්ට ජනවරම අර්ථවත් කළ හැක්කේ එලෙසින් බව අපි උදක්ම විශ්වාස කරමු.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29587,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා අහෝසි කරන්නැයි ජනපතිට ලියුමක්
පළාත් සභා අහෝසි කරන්නැයි ජනපතිට ලියුමක්
http://am.lk/media/k2/items/cache/1d9bf15c120d7c7b44c1e5accd30c9aa_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_399.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_399.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy