දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටු ආචාර්යවරුන් එලිපිට ගැටුමක.. නලින්ද සිල්වා ජාතික කුහකයෙක් තානාපතිකම ගත්තේ බැසිල් නිසා යයි මහින්ද පතිරණ කියයි
Homeප්‍රවෘත්ති

පොහොට්ටු ආචාර්යවරුන් එලිපිට ගැටුමක.. නලින්ද සිල්වා ජාතික කුහකයෙක් තානාපතිකම ගත්තේ බැසිල් නිසා යයි මහින්ද පතිරණ කියයි

PropellerAds

මි යන්මාරයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන මහාචාර්ය නලින්ද සිල්වා ජාතික කුහකයෙක් බවත් ඔහු තානාපති ධුරය ගත්තේ බැසිල් රාජපක්‍ෂ මහතා නිසා බව...

මියන්මාරයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන මහාචාර්ය නලින්ද සිල්වා ජාතික කුහකයෙක් බවත් ඔහු තානාපති ධුරය ගත්තේ බැසිල් රාජපක්‍ෂ මහතා නිසා බවත් පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා චෝදනා කරයි. මෑතකදී නලින්ද සිල්වා මහතා විසින් පල කර ඇති ලිපියකින් පසු මහින්ද පතිරණ මහතා තම සමාජ ජාල ගිණුමේ ඔහුට දැඩි චෝදනා කරමින් සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

ද්විත්ව පුරවැසි බව කියන්නෙ රටවල් දෙකකට පක්ෂපාතී වීමක් වැනි මෝඩ අදහසක් ඇතැමුන් විසින් කියනු දුටුටා. එය එසේ නම් පිටරටවල-විශේෂයෙන් යුරෝපා රටවල- සිටින සිංහල ඩයස්පෝරාවට ලංකාව ගැන දරන්න ඕන අදාළ රටවල් ලංකාව ගැන දරන මතයමයි. එය එසේ නොවන බව කුඩා ළමුන් පවා දන්නා දෙයක්. යුරෝපා රටවල් එල්ට්ටියට අතිශය පක්ෂපාතී තැනක ඉන්නා විට ශ්‍රී ලාංකික-විශේෂයෙන් සිංහල ඩයස්පෝරාව හිටියේ ලංකාව පැත්තෙ. ගෝඨාභය රාජපක්ෂ මෙරට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සියළු කටයුතු කළේ ඇමරිකානු පුරවැසිබවකුත් එක්ක. සරත් ෆොන්සේකාත් එහෙමයි.

නලින් ද සිල්වා වැනි ජාතික කුහකයින් මේක තේරුම් ගන්න ඕන. ඔවුන් මේ ඇත්ත දන්නවා. ඒත් ඒ ඇත්ත වසන් කරමින් ඔවුන් අද කරන්නෙ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ඒම වළක්වන්න 19යේ අදාළ සීමාව ඉවත් කිරීමට එරෙහි වීම. බැසිල් මේ රටට කළ හා කරන සේවය පැත්තකින් තියන්න. නලින් හිතන්න ඕන ඔහු අද තානාපති තනතුරක් දරන්නෙ බැසිල් රාජපක්ෂගේ දේශපාලන කළමනාකාරිත්වය නිසා පත්වුණු ආණ්ඩුව නිසා බව. පුළුවන් නම් රාජපක්ෂල නැතුව තනියම ඡන්දය ඉල්ලන පානදුර ප්‍රාදේශීය සභාවට පත් වෙන්න කියල මං අභියෝග කරනව. ඒත් එක්කම මං අභියෝග කරනව, පුළුවන් නම් නලින්ට ඔය තනතුරෙන් ඉවත් වෙන්න කියල. ඔහුට ඒක කරන්න බැහැ. මං දන්නවා ඔය තනතුර ගත්ත විදියත්. මහා දාර්ශනික කතා කියන අයගෙ කිල්ලොටවල හුණු ගැන අපෙන් අහගන්න එපා.

මේකත් කියන්න ඕන. 19යේ ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කරන්නෙ බැසිල්ට පාර්ලිමේන්තු එන්න නෙමෙයි. මම දන්න තරමින් බැසිල් රාජපක්ෂට එවැනි උවමනාවක් නැහැ. මේ බාධකය දැම්මෙ රාජපක්ෂ පවුලේ පුද්ගලයින් ඉලක්ක කරල. එහෙනම් ඒක ඉවත් කරන්න ඕන. නිකමට හිතල බලන්න. ලංකාවට එරෙහි වුණු ද්විත්ව පුරවැසියන් කවුද? මෑත කාලයේ ලංකාවට එරෙහි පිටරටවලට ගතු කියපු, පිටරටවල න්‍යාපත්‍රවලට වැඩ කරපු සියළු දෙනා පූර්ණ ශ්‍රී ලාංකික පුරවැසියන්. ද්විත්ව පුරවැසියන් තමා මේ රට මේ තැනට හරි ගොඩදාල තියෙන්නෙ.

ඒ නිසා, කවුරුත් කෙසේ කීවත් මේ නීතිය ඉවත් කළ යුතුමයි. මිනිස්සු පොදුජන පෙරමුණට ඡන්දය දෙනකොට ඔවුන් 19ට එරෙහිවත් ඡන්දය දුන්නා. මොකද පොහොට්ටු කැම්පේන් එකේ ප්‍රධාන තේමාවක් වුනේ 19ට එරෙහි තුනෙන් දෙක ඉල්ලීම. ඒක අර කෑල්ල මේ කෑල්ල කියල වෙන් කළේ නැහැ. ජනවරම ක්‍රියාත්මක කරන්න වත්මන් පාර්ලිමේන්තුව බැඳි ඉන්නව.

– Mahinba Pathirana FB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටු ආචාර්යවරුන් එලිපිට ගැටුමක.. නලින්ද සිල්වා ජාතික කුහකයෙක් තානාපතිකම ගත්තේ බැසිල් නිසා යයි මහින්ද පතිරණ කියයි
පොහොට්ටු ආචාර්යවරුන් එලිපිට ගැටුමක.. නලින්ද සිල්වා ජාතික කුහකයෙක් තානාපතිකම ගත්තේ බැසිල් නිසා යයි මහින්ද පතිරණ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqhSnJixQtfBBYhg8V8WzDv4bfs6Ea1WcmdaHDImxksrRSbooQE6Yq9hkIZJJnPQSVgT__1LmHD2fqG1UoAwbdFHehFnZa-L5-XGZe51QNd8PhAF8n-95_u-0XWJMHXIgNs-6rNsQPRMY/s320/mahinada-pathirana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqhSnJixQtfBBYhg8V8WzDv4bfs6Ea1WcmdaHDImxksrRSbooQE6Yq9hkIZJJnPQSVgT__1LmHD2fqG1UoAwbdFHehFnZa-L5-XGZe51QNd8PhAF8n-95_u-0XWJMHXIgNs-6rNsQPRMY/s72-c/mahinada-pathirana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_285.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_285.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy