දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අමාත්‍යංශ කාර්යාලවල කුලිය කෝටි 10 ඉක්මවයි - විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුගේ ගොඩනැගිල්ලක

කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ කාර්යාල පෞද්ගලික අංශයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි 10කට අධික...

අමාත්‍යංශ කාර්යාලවල කුලිය කෝටි 10 ඉක්මවයි - විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුගේ ගොඩනැගිල්ලක

කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ කාර්යාල පෞද්ගලික අංශයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කිරීමට රජයට සිදුවී තිබෙන බව වාර්තා වේ.   

දැනට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අමාත්‍යංශය සඳහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් පෞද්ගලික අංශයට ගෙවන බව රජයේ ආරංචි මාර්ග පැවසීය.  

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ හත්වෙනි මහලේ පවත්වාගෙන යන අතර ඇමැතිවරයා හා කාර්ය මණ්ඩලය සඳහා නැගෙනහිර කුළුණේ 36 වැනි තට්ටුව වෙන්වී ඇත. මෙම මහල් දෙක සඳහා මාසිකව ලක්ෂ 80ක මුදලක් ගෙවන බව වාර්තා වේ.  

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේම පවත්වාගෙන යන සංචාරක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සඳහා ලක්ෂ 80ක මුදලක් ද මාසිකව ගෙවනු ලබන බව වාර්තා වේ.   

කොල්ලුපිටියේ පිහිටි විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුට සම්බන්ධ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අතර ඒ සඳහා මාසික කුලිය ලක්ෂ 30ක් වේ. උඩරට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි අතර එම කාර්යාලය සඳහා මාසික කුලිය ලක්ෂ 20ක් වේ.   

රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය පිහිටි ​​ගොඩනැගිල්ල සඳහා ලක්ෂ 22ක් ගෙවනු ලබන අතර දැනට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය එම ගොඩනැගිල්ලේ පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.   

ලෝක වෙ​ළඳ මධ්‍යස්ථානයේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය පිහිටි කාර්යාලයට ලක්ෂ 80ක මුදලක් ගෙවීම තමන්ට අවශ්‍ය නොවන බව රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කර ඇතත් එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුමට අනුව එම ගොඩනැගිල්ලෙන් හදිසියේ ඉවත්වීමට නොහැකි බවද වාර්තා වේ. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමාත්‍යංශ කාර්යාලවල කුලිය කෝටි 10 ඉක්මවයි - විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුගේ ගොඩනැගිල්ලක
අමාත්‍යංශ කාර්යාලවල කුලිය කෝටි 10 ඉක්මවයි - විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුගේ ගොඩනැගිල්ලක
http://am.lk/media/k2/items/cache/5c3402278ddaaac5c468a1f2e630ae14_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/10_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/10_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy