දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොහොට්ටුවයි මහ බැංකු හොරුයි අතර අමුතු දීගයක් සිදුවෙනවා - සජිත් ප්‍රේමදාස

“මේ වෙනකොට ආණ්ඩුව ජනතාවගේ විදුලිය විසන්ධි කරන්න සූදානම් බවත් ඊට පෙර ආණ්ඩුව විසන්ධි කරන්න ජනතාව පෙරට ආ යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ...

“මේ වෙනකොට ආණ්ඩුව ජනතාවගේ විදුලිය විසන්ධි කරන්න සූදානම් බවත් ඊට පෙර ආණ්ඩුව විසන්ධි කරන්න ජනතාව පෙරට ආ යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

තවද මහ දවල් මහ බැංකුව කොල්ලකාපු කෙනා තමන්ට මොන්ටිසෝරි කතා කියන බව පවසන බව ද ඔවුන් අද මේ රටේ අමුතු දීගයක් කරගෙන යන බවත් ඒ පොහොට්ටුව හා මහ බැංකු හොරු අතර බවද ඩීල් දේශපාලනයේ තරම මින් මනාව පෙන්නුම් කරන බවද හෙතෙම පවසයි.

තවද යුනිසෙෆ් ආයතනය මේ රට තුළ කළ සංගණනයකින් මේ රටේ ජනගහනයෙන් සියයට තිහක් හාමතේ ඉන්න බව හෙළිව ඇති බවත් රටක ජනගහනයෙන් සියයට තිහක් හාමතේ ඉන්නවා කියන එක මහා බරපතළ ප්‍රශ්නයක් බවත් මේ ආණ්ඩුවට මේ තත්ත්වය පාලනය  කිරීමට කිසිම අවබෝධයක් නැති බවත් ඒ නිසා මේ ආණ්ඩුවට  කඩිකුලප්පුවක් තිබුණු මේ තත්ත්වය භයානක වෙන්න කලින් මැතිවරණය තියන්නේ යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාතර - දෙවිනුවර කුණ්ඩසාලේ සහ පඬුවස්නුවර පැවැති රැලි අමතමින් පැවැසීය.

ඒ මහතා මෙම අදහස් දැක්වූවේ පඬුවස්නුවර  ප්‍රදේශයේ පැවැති මහජන හමුවකට සහභාගි වෙමිනි.  එය සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක තුෂාර ඉඳුනිල් අමරසේන මහතා විසින් සංවිධානය කර තිබිණි.  මහනුවර දිස්ත්‍රික්කයට තරග කරන ආර්.ජී. සමරනායක කුණ්ඩසාලේ රැස්වීම් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දැන් අනාථ කඳවුරක්. මම ඒ අනාථ කඳවුරේ සාමාජික සාමාජිකාවන්ට කියන්න කැමැතියි ඕනම වෙලාවක එන්න සමගි ජන බලවේගයේ ‍ෙදාරටු විවෘතයි.  අපි වෙනමම ඔල්වරසන් දීලා ඒ අයව පිළිගන්න ලෑස්තියි. ඒ පිළිගන්නේ පස්වැනිදාට  පෙරයි. එන  කවුරුහරි  එනවා නම් එන්න පස්වැනිදාට  ඉස්සරවෙලා. මොකද අපේ ඩීල් නැහැ. එතකොට අපිට පුළුවන් ඒ එන අයත් එක්ක එකතුවෙලා මේ මැතිවරණය ශක්තිමත්ව ජයග්‍රහණය කරලා අපේ රටේ නව උදාවක් නිර්මාණය කරන්න. අන්ධකාරයෙන් පිරිච්ච අපේ මාතෘභූමිය නිර්මාණය වෙන එකම රිදී රේඛාව සමගි ජන බලවේගයයි කියලා මං කියනවා.

මුළු ලෝකෙම ආර්ථික අවපාතයකට ලක් වෙලා. එක්දහස් නවසිය විසි ගණන්වල තිබූ මහා ආර්ථික ව්‍යසනයට වැඩි ව්‍යසනයක් ඇතිවෙලා. එහෙම ව්‍යසනයක ‍ෙදාරටුවේ අපි ඉන්නේ.

ඒ හැම රටක්ම ජනතාව වෙනුවෙන් මූල්‍ය ශක්තිය ලබා දෙනවා. ඇමෙරිකාව ගත්තත්, බි්‍රතාන්‍යය ගත්තත් එහෙමයි.

නමුත් අපේ රටේ මොකක්ද වෙන්නේ? 1929-1933 ආර්ථික අවපාතයෙන් ලෝකය ගොඩ ආව හැටි ලෝකයම අවබෝධ කරගෙන තියෙනවා. අතීතයේ පාඩම් ඉගෙන ගෙන ඒ අය ජනතාව ශක්තිමත් කරනවා. ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන ගාණක් ජනතාවට වෙන් කරනවා.

අපේ රටේ රුපියල් පන්දාහක් දුන්නා. ඒක දුන්නෙත් අපි සටන් කරපු නිසා.

මහ ලොකුවට කීවේ මාර්තු, අප්‍රේල් විදුලි බිල එන්නේ නෑ කියලා. හැබැයි මැයි මාසේ බිල් තොගේට ඇවිත්. දඩ කොළත් එක්ක ඇවිත්. රතු නිවේදනයත් ඇවිත්. විදුලිය විසන්ධි කරන්න නිවේදන ඇවිත්. අපි ඔබට කියනවා ආණ්ඩුව විදුලිය විසන්ධි කරන්න කලින් අපි ආණ්ඩුව විසන්ධි කරමු. ආණ්ඩුවේ සැමන්, පරිප්පු සහනය දවස් පහළොවයි. රුපියල් පන්දාහ බෙදුවෙ දේශපාලන හෙංචයියෝ. එදා මාරාන්තික විනාශයක් කියපු එම්.සී.සී. ගිවිසුම අද හොඳයිලු.

දැන් ඇමෙරිකාව ගාව දණ ගහලා ගිවිසුම අස්සන් කරමු කියනවා. ගිය වතාවේ ජනාධිපතිවරණය වෙලාවේ කැලණි ගඟ දෙබෑ කරගෙන නාග රාජයෙක් ආවා. ඒ නාගයා ධාතූන් වහන්සේලා වැඩම කළා කියලා පොහොට්ටු තියාගෙන නාඩගමක් නැටුවා.

මෙදා පාර නිල්වලා ගඟ, කළු ගඟ හරි දෙබෑවෙලා මොනවාහරි වෙන්න බැරි නෑ. ඒ නිසා ප්‍රවේසම් වෙන්න.”

හෙට්ටිපොළ - සුදර්ශි වික්‍රමනායක,

තෙල්දෙණිය - කේ. නිශ්ශංක, ගන්දර - නිලූකා හේරත්


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවයි මහ බැංකු හොරුයි අතර අමුතු දීගයක් සිදුවෙනවා - සජිත් ප්‍රේමදාස
පොහොට්ටුවයි මහ බැංකු හොරුයි අතර අමුතු දීගයක් සිදුවෙනවා - සජිත් ප්‍රේමදාස
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMeg_q_4FkMbLIEtoSFW3s1dcM0Dfxrlx0CB2NPL3ia5vC_xcyY678JubgMHWaxkVBpWCBlSKblwfiwCMH_boI60dPNyKGzfWyT_N5RnUXNGhNvjtPJJdOJbqhhAnRZ-qoFb5_qtsc0Bw/s320/5f0bc111cf017_sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMeg_q_4FkMbLIEtoSFW3s1dcM0Dfxrlx0CB2NPL3ia5vC_xcyY678JubgMHWaxkVBpWCBlSKblwfiwCMH_boI60dPNyKGzfWyT_N5RnUXNGhNvjtPJJdOJbqhhAnRZ-qoFb5_qtsc0Bw/s72-c/5f0bc111cf017_sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_989.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_989.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy