දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිකල යුතු බව ඩලස් කියයි
Homeප්‍රවෘත්ති

හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිකල යුතු බව ඩලස් කියයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂය අපේ රටට නිදහස කැන්දාගෙන ආ පක්ෂය බව අමතක නොමැති බවත් එම පක්ෂය දියාරු වී යෑම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම කණගාටුවට පත් වන බ...

සාමාජික ඉල්ලීම මත ශ‍්‍රීලනිපය තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්..- අමරවීර
මුහුද හත්ගව්වක් තබා අමුඩගැසීම අනවශ්‍යයි – දයාසිරි ජයසේකර
එස්.එම්.චන්ද්‍රසේනගේ දේශපාළන බළය හා බැඳුනු වංචනික නිළධාරීන්ගේ අනුහසින් මිහින්තලයේ පරිසර විනාශයක්
ක්සත් ජාතික පක්ෂය අපේ රටට නිදහස කැන්දාගෙන ආ පක්ෂය බව අමතක නොමැති බවත් එම පක්ෂය දියාරු වී යෑම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම කණගාටුවට පත් වන බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, දෙවිනුවරදී ප්‍රකාශ කළේය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රතිවාදියෙක් නොමැති මැතිවරණයක් බවට ශ්‍රී ලාංකේය ඉතිහාසයට එකතු වන බව අවධාරණය කල ඒ මහතා එම නිසාම සිය කදවුරේ උනන්දුව පවා යම් මට්ටමකට අඩු වී තිබෙන බවද ප්‍රකාශ කළේය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, දෙවිනුවරදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය දියාරු වී යෑම අපිට වාසි සහගතයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එය අපේ රටේ දේශපාලනයට හොද නැහැ. මහ බැංකුවේ සංඛ්‍යයා ලේඛණ වලට අනුව පසුගිය යහපාලන ආණ්ඩුව ඉතිහාසයේ තිබුණ දුර්වලම ආණ්ඩුව බවට තහවුරු වෙලා තිබෙනවා. නමුත් යහපාලන ආණ්ඩුවෙන් රටට වූ හානිය පිළිබදව ජනතාව කතා කරන්නේ නැහැ. රටේ අළුත්ම මාතෘකාව බවට කොරෝනා වසංගත තත්ත්වය මගින් ඇති කරන ලද බලපෑම පත්ව තිබෙනවා. කොවිඩ් කඩ තුරාවෙන් යහපාලන විනාශය වැහිල ගියා.

මෙවර මැතිවරණයේදී අපි 2/3 ක බලයක් ඉල්ලන්නේ ඇයි කියල ඇතැම් අය ප්‍රශ්ණ කරනවා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නොමැතිව වෙනස් කරන්න බැරි කරුණු කිහිපයක් තිබෙනවා. ඥාතීන් අතර පවා අසමගිය ඇති කරන සමානුපාතික මැතිවරණ විකෘතිය වෙනස් කල යුතුයි. අපේ රටේ ජනාධිපති ධූරය, පාර්ලිමේන්තුව, පළාත් සභාව මෙන්ම ප්‍රාදේශිය සභා හා නගර සභා මැතිවරණ පවත්වන්නේ හතර විදියකට. මේකත් තව විකාරයක්. මැතිවරණ කොමිෂම පවා විකාරයක් බවට පත් වෙලා.

ඉදිකිරීම් සැලසුම් කල දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබදව පසුගිය කාලයේ යම් කතා බහක් ඇති වුණා. දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකල යුතුයි, කියන මතයේ මමත් ඉන්නවා. දියගමට අවශ්‍යය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නොවෙයි. කොළඹ සිට රත්නපුරයට යන තෙක් Hard Ball වලට ක්‍රීඩාංගණයක් නැහැ. අපේ රටේ දරුවන් වෙනුවෙන් දියගම  Hard Ball ක්‍රීඩාංගණයක් ඉදි කිරීම අනවශ්‍යය කාරණයක් නොවෙයි. එය රුපියල් බිලියන ගණන් වැය වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස අර්ථ දැක්වීම සාදාරණ නැහැ.

පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක කංචන විජේසේකර මහතාද මෙහිදී කතා කළේය.

– ජයකාන්ත ලියනගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිකල යුතු බව ඩලස් කියයි
හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිකල යුතු බව ඩලස් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiit97ro5RNk6Ky1AIpPP5CjLbq2svCLRdeQVfTtN5srl2iEoySA2EcAHGU2o4za-GDgb8j3-rDhr4WCIOcTyvXMMkx2h_KvjJIae8eP9Wq-OTpp8JmelV7R_81RC2QfhVSpnS4Ixur92I/s320/dulls.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiit97ro5RNk6Ky1AIpPP5CjLbq2svCLRdeQVfTtN5srl2iEoySA2EcAHGU2o4za-GDgb8j3-rDhr4WCIOcTyvXMMkx2h_KvjJIae8eP9Wq-OTpp8JmelV7R_81RC2QfhVSpnS4Ixur92I/s72-c/dulls.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_722.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_722.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy