මෙම වසරේ ජුනි 20 වැනිදා දක්වා ආදායම් බදු නොගෙවීමට අදාළව නියම කරන දඩ මුදල් අය නොකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි තිබෙන බව සමකැබිනට්...
මෙම වසරේ ජුනි 20 වැනිදා දක්වා ආදායම් බදු නොගෙවීමට අදාළව නියම කරන දඩ මුදල් අය නොකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි තිබෙන බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදිය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසී ය.
“දඩමුදල් අය නොකිරීමට කැබිනට් අනුමැතිය. 2020.06.20 දක්වා රට වසා තිබුණු කාලය තුළ. ආදායම් බදු සම්බන්ධයෙන් දඩමුදල් පනවන්නේ නැහැ. 'THE FINANCE' සමාගමේ සියලු තැන්පත්කරුවන්ට. සඳුදා සිට ලක්ෂ 6 බැගින් මුදල් ගෙවනවා. මුළු තැන්පත්කරුවන්ගේ 93%ක ප්‍රශ්න විසඳෙනවා. අනිත් අයගෙත් ප්‍රශ්න කඩිනමින් විසඳනවා. මුල්‍ය ආයතනයක මුදල් තැන්පත් කළොත්. මහ බැංකුව වගකීම දරන්නේ ලක්ෂ 6ක් තෙක් පමණයි.“
COMMENTS