2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයේදී කිසිදු ක්‍රීඩකයෙකු ඊට සම්බන්ධ...
2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයේදී කිසිදු ක්‍රීඩකයෙකු ඊට සම්බන්ධ වී නොමැති බව සඳහන් කරද්දී ඒ සම්බන්ධයෙන් තමන් අදහස් දැක්වීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් පවසයි.
අවුරුදු 20ක ක්‍රිකට් ජීවිතය තුළ තමන් කිසිවෙකු විවේචනය කර නැති බවත් ඉදිරියේ දී විවේචනය කිරීමට බලාපොරොත්තු වන්නේ නැති බවත් ඔහු පැවසීය.
නුවරඑළියේදී ඊයේ (27) පැවැති උත්සවයකින් පසු ඔහු මාධ්‍යට මේ බව සඳහන් කළේය.
COMMENTS